ජනතාවට පටි තද කරගන්න කියා මහබැංකු නිලධාරීන් ලක්ෂ හතෙන්, පහෙන් පඩි වැඩි කරගෙන – ගොඩහේවා

Date:

රටේ බරපතළ ආර්ථික අර්බුදයක් පවතිද්දී ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් 70%කින් පමණ තම වැටුප් වැඩිකරගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

“රටේ ආර්ථික අර්බුදයක් තිබෙනවා නම් හැම කෙනෙක්ම පටි තද කරගන්න ඕනෙ කියන එක තමයි රජයේ මතය වෙලා තියෙන්නෙ. හැබැයි මේ තත්වය මේ ආකාරයට තියෙද්දීත් රජයේ ආර්ථික කළමනකාරණයට සෘජුවම වගකියන්න ඕනෙ මහබැංකුව, අපි කිසිකෙනෙක් හිතන්නෙ නැති දෙයක් දැන් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ජනවාරි මාසෙ ඉඳලා මහබැංකුවේ සේවකයින්ට 70%කට වැඩි විශාල විදියට වැටුප් වර්ධනයක් ලබාදීලා. මේ අය පඩි වැඩිකරගෙන තියෙනවා ඉතාමත්ම විශාල වශයෙන්. නියෝජ්‍ය අධිපතිවරයෙකුට ලක්ෂ 7කින් විතර පඩි වැඩිවෙලා තියෙනවා. ඊළඟට ඉන්න කෙනෙකුට ලක්ෂ 5කින් විතර පඩි වැඩිවෙලා තියෙනවා. අපට ආරංචි විදියට පියන් කෙනෙකුට දැන් වැටුප 183,000 ඉක්මවලා යනවා. ඉතින් මේ විදියට අසාධාරණ විදියට වැටුප් වැඩිකරගන්න මහබැංකුවට කොහොමද පුළුවන් වෙලා තියෙන්නෙ ? මේ වැඩකරන අයගේ පමණක් නෙවෙයි විශ්‍රාමිකයින්ගේ පවා වැටුප් වැඩිකරගෙන තිබෙනවා. අපට ප්‍රශ්නයක් නෑ කාගෙහරි වැටුප් වැඩිවෙනවා නම්, මේ රටේ සාධාරණ විදියට ආර්ථික සංවර්ධනයක් තියෙන වෙලාවක”

නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...