*
Friday, February 21, 2025
spot_img

Latest Posts

USAIDයට ට්‍රම්ප් එල්ල කළ කනේ පහර දැන් දැන් පොඩි රටවල බඩගෝස්තරයට දැනෙමින් පවතී!

සටහන – පුලී
පෙබරවාරි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් ගෙන් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයට (USAID) එල්ල වූ ප්‍රහාරය අඩු ආදායම්ලාභී රටවල පවත්නා භූමිකාවට ක්ෂණික හා විනාශකාරී බලපෑමක් මේ වනවිට ඇති කර තිබේ.

ජනවාරි විසිවන දින, USAID විසින් එහි සියලුම හවුල්කරුවන් වෙත හදිසි වැඩ නැවතුම් නියෝගයක් නිකුත් කරන ලද අතර, සංවිධාන මෙහෙයුම් නතර කරන ලෙස ද පවසා තිබේ. පෙබරවාරි මස මුලදී, ට්‍රම්ප් පරිපාලනය තුළින් උද්ගතවූ මෙම තත්ත්වය හමුවේ 10,000ට වැඩි USAID සේවකයින්ගෙන් බහුතරයක් සේවයෙන් පහ කළ අතර සේවකයින් 290 ක් පමණ එහි රැඳී සිටියහ.

එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු පෙබරවාරි 14 වන දින ආධාර කැටි කිරීම ඉවත් කරන ලෙස තාවකාලික නියෝගයක් නිකුත් කළද, ඒ යටතේ ක්‍රියා කිරීමට බොහෝ දෙනෙක් පසුබට වී තිබේ.

USAID බිඳ දැමීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රයත්නයන් මේ වනවිට ලොව පුරා රටවල් 157 කට බලපෑමක් ඇති කර තිබේ.

USAID මුදල්වලින් සියයට 27ක් ආර්ථික සංවර්ධනය සඳහා වෙන් කරන ලද අතර, සෞඛ්‍ය සඳහා සියයට 22.3ක් ද, මානුෂීය ආධාර සඳහා සියයට 21.7ක් සහ සාමය සහ ආරක්ෂාව සඳහා සියයට 14.2ක් ද ඒ හා සමානව වෙන් කර තිබුණි.

ඉතිරි ආධාර පරිමාණය, වැඩසටහන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය, අධ්‍යාපනය සහ පරිසරය ඇතුළු අනෙකුත් අංශවල එකතුවක් සඳහා වෙන් කරන ලදී.

සෑම වසරකම USAID අරමුදල්වලින් ඩොලර් මිලියන 600ක් පමණ පවුල් සැලසුම් සඳහා වැය කර තිබුණ ද දැන්, ලෝකයේම බලවතෙක් ඉන් හදිසියේ ඉවත් වීමේ බලපෑම ලොව පුරා දැනෙමින් තිබේ.

ප්‍රමුඛ පෙළේ ප්‍රජනක සෞඛ්‍ය ප්‍රතිපත්ති සංවිධානයක් වන Guttmacher ආයතනයේ විශ්ලේෂණයට අනුව, USAID නොමැතිව සෑම සතියකම ලොව පුරා මිලියනයකට ආසන්න කාන්තාවන් සහ ගැහැණු ළමයින්ට ලබා දෙන උපත් පාලන පිළිවෙත් පවා වල පල්ලට යන කාලයක් උද්ගත වනු ඇතැයි යන අදහසින් ප්‍රකාශ කර තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan