ජනපති අනුරට පරුෂ වචනයෙන් බැනවදින වීඩියෝවක් සමාජ මාධ්‍යට දැමූ 5ක් අත්අඩංගුවට. පොලීසියේ 3කටත් මාරුවීම්

මත්තල අධිවේගී මාර්ග පිවිසුම අසලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පරුෂ වචනයෙන් බැන වදිමින් එම වීඩියෝ සමාජ මාධ්‍යට මුදාහැරිය කටාන ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු කටාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එසේම එම අවස්ථාවේදී මත්තල අධිවේගී මාර්ග පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා සහ අනෙක් නිලධාරීන් දෙදෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

පෙරේදා (17) කතරගම වන්දනාවේ ගොස් ආපසු පැමිණෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ආසන පටි නොමැතිවීම හේතුවෙන් අධිවේගී මාර්ගයට ඇතුල්කිරීමට පොලීසිය අවසර ලබානොදීම නිසා උණුසුම් තත්වයක් උද්ගතව තිබූ අතර එහිදී එම බස් රථයේ ගමන් කළ පිරිස සහ පොලීසිය අතර බහින් බස්වීමක් ඇති වී තිබිණි.

එම අවස්ථාවේදී බස් රථයේ පැමිණි පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නම කියමින් පරුෂ වචනයෙන් බැනවැදී ඇති අතර, එම අවස්ථාව ජංගම දුරකථනයෙන් වීඩියෝ කර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.

ඒ අනුව විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පස් දෙනෙකු කටාන පොලීසිය විසින් ඊයේ (18) අත් අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම එසේ විධායක ජනාධිපතිවරයාට ප්‍රසිද්ධියේ පරුෂ වචනයෙන් බැණ අශෝභන ලෙස හැසිරීමට එරෙහිව එම අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මත්තල අධිවේගී පිවිසුම අසල රාජකාරියේ නිරත පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත්, අනෙක් දෙදෙනා කොට්ටාව සහ කඩවත පොලිස් ස්ථාන වෙතත් මාරු කර යවා ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...