සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා රුසියාව විසින් කලාපයේ මිලිටරි ක්‍රියාමාර්ග වැලැක්වීම වෙනුවෙ ඕමාන් මුහුදේ ඒකාබද්ධ නාවික අභ්‍යාස නිවේදනය කිරීමත් සමඟ නැවත වරක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව සිය හමුදා යොදවන බවට තර්ජනය කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවති වක්‍ර සාකච්ඡා සැලකිය යුතු ඉදිරි ගමනකින් තොරව අවසන් වීමත් සමඟ ඉරානය මෙම හමුදා පුහුණුව නිවේදනය කර ඇති අතර එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවන USS ඒබ්‍රහම් ලින්කන් හා USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් සහ දහස් ගණනක භට පිරිසක් මේවන විට ගල්ෆ් කලාපය යොදවා ඇත.
සම්බාධක සහන සඳහා හිලව් වශයෙන් ඉරානය තම න්‍යෂ්ටික පොහොසත් කිරීමේ වැඩසටහන සීමා කිරීමට කැමැත්තෙන් සිටින බව පෙන්වා දී ඇති මුත් ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සීමා කිරීම සහ හිස්බුල්ලා සහ අනෙකුත් ප්‍රොක්සි කණ්ඩායම් සඳහා සහාය කපා හරිමින් සම්මුතියකට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සඳහන් කර තිබුණේ, ඉරානයට එල්ල කරන ඕනෑම නව එක්සත් ජනපද ප්‍රහාරයක් බරපතල ප්‍රතිවිපාක ඇති කරන බවත්, ටෙහෙරානය සාමකාමී න්‍යෂ්ටික වැඩසටහනක් අනුගමනය කිරීමට හැකි වන පරිදි විසඳුමක් සොයා ගැනීමට සංයමයෙන් කටයුතු කළ යුතු බවත්ය.

