Home පුවත් ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක හදිසි ගින්නක්!

ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක හදිසි ගින්නක්!

0
5

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW :

ශ්‍රීපාද රක්ෂිතයට අයත් කඳුයායක හදිසි ගින්නක් හටගෙන ඇති අතර, ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වන අතර, මෙම ප්‍රදේශය දුර්ලභ සත්ත්ව විශේෂ සහ ශාක පද්ධතීන්ගෙන් පිරිපුන් මෙම සංවේදී කලාපය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහළ ප්‍රදේශයක් බව වාර්තා වේ.

මෙම තත්ත්වය හමුවේ මෙම වටිනා පරිසර පද්ධතියට සහ ජීවීන්ට දැඩි තර්ජනයක් එල්ලවී ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙන අතර, ගින්න හටගෙන ඇත්තේ ඉතා දුෂ්කර කඳු මුදුනක බැවින්, එම ස්ථානයට ළඟාවී ගින්න නිවීමට මෙතෙක් කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නොමැති බව තවදුරටත් වාර්තා වේ.