*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

සුජානි උත්සාහක දිණුම වැරදි පැත්තේ තැබීම….

නාමල් රාජපක්ෂ මහතාගේ ආයතනයකට අදාළ නඩුවක සැකකාරියක සේ සිටින ජාතික ක්‍රීඩා සභාවේ ලේකම්වරිය ද වන සුජානි බෝගොල්ලාගම ලෝක රගර් කුසලානය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එම අවස්ථාව ශ්‍රී ලංකා රගර් සම්මේලනයට දැණුම් නොදුන්නේ ආසියානු රගර් සම්මේලනයේ තහනම නිසා බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිඳු කළාය.


ඒ සඳහා මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන වත්මන් රගර් සභාපතිවරයා සුජානි වෙත පෙන්වා දෙන්නේ එම තහනම සඳහා හේතු වී ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී පැනවූ වාරණය නිසා බවය.
එම වාරණයට එරෙහිව අධිකරණයට ගිය රගර් පරිපාලනයට දිගට වැඩ කරගෙන යාමට මෙන්ම අලුතෙන් නිලවරණය පැවත්වීමට ද අධිකරණයෙන් අවසර ලැබුණ අතර ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැණුම් දුන්නේ අමාත්‍යවරයා තහනම් කිරීම සඳහා යොදා ගත් හේතුව නිරාකරණය කර අධිකරණයට දැණුම් දෙන්නටය.නමුත් තවමත් එය සිදු වි නැති නිසා වාරණය ඉවත් කර වැඩ කිරීමට එ පරිපාලනයට ලැබුණ අවසරය මිස නඩුවේ තීන්දුවක් ලැබී නැති අතර එයට වගකිව යුත්තේ තවමත් ක්‍රීඩා පරිපාලනය පැත්තෙන් අධිකරණය විසින් පැවසූ කරුණු අධිකරණයට වාර්තා නොකිරීමය.
ක්‍රීඩා පනත ප්‍රකාරව ජාතික ක්‍රීඩා සභාවේ වගකීම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම,සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් දීමය.මෙම කාරණා සමබන්ධයෙන් සුජානි බෝගල්ලාගමගේ අවධානය යොමු වී නැත්නම් එය ක්‍රීඩා පනතේ ජාතික ක්‍රීඩා සභාව පිහිටුවීම සම්බන්ධයෙන් 4 (1) යටතේ දක්වා ඇත.

එම පනතෙන් ක්‍රීඩා සභාවේ සාමාජිකයන්ට ඇවසි පරිදි හෝ ඔවුන් ක්‍රීඩා අමාත්‍යවරයාට අවශ්‍යය පරිදි වචන පිටකිරීමට පත් නොකරන ලද කණ්ඩායමක් යන්න පැහැදිළි කර ගත යුතුය.නමුත් ජාතික ක්‍රීඩා සභාවට එන්නට පෙරත් නාමල් රාජපක්ෂ සමඟ සේවය කළ ආයතනයක ගැටළුවක් නිසා නීත්‍යානුකූලව නඩු නිමිත්තක සැකකාරියකව සිටින සුජානි බෝගල්ලාගම, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පසු කරමින්,ඉදිරියට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් රගර් පරිපාලනයේ පෞරුෂය විනාශ කිරීමට උත්සාහ කරන්නේ තමන්ට චෝදනා එල්ල වී ඇති නඩුවේ හවුල්කරුවාගේ තීරණයක් නිසා ආසියානු තහනම ක්‍රියාත්මක වෙන බව වසා දැමීමට විය හැකිය.එය ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක්ට සුදුසු නැත.

මෙහිදි ඉල්ලියාස් පවසන තවත් කාරණයක් වන්නේ සුජානි ලේකම් ධූරය දරන ක්‍රීඩා සභාවේ රගර් සම්බන්ධ සම්බන්ධකමක් ඇති සාමාජිකයන් දෙදෙනෙක් සිටින බවත් ඔවුන් දන්නා බවය.කීර්තිමත් වෛද්‍යවරයෙක් වන මයියා ගුණසේකර එහි සිටින රගර් සම්බන්ධ සාමාජිකයෙක්ය.ඔහුට රගර් කේෂ්ත්‍රයේ ගැටළුවක් ඇත්තේ ඔහුගේ අතුරු කමිටුව සමයේ විශාල ලෙස ගිණුම හිස් විම සම්බන්ධයෙන්ය.එම අතුරු කමිටුවේ සාමාජිකයෙක්ව සිටි අයෙක් වන ලසිත ගුණරත්න ද එහි සාමාජිකයෙක්ය.ලසිත ආසියානු වත්මන් සභාපතිවරයා සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කහටක් ඇති කරන ලද පළමු පුද්ගලයාය.වත්මන් ආසියානු සභාපතිවරයා හරහා ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට ආධාර ලබා ගෙන නිලවරණයේදී ඔහුට එරෙහිව ඡන්දය භාවිතා කිරීම එම විරසකයට හේතුවය.
ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් යනු රැස්වීම් වාර්තා කිරීමේ සටහන් තබා ගැනීම සඳහා පමණක් පත් කළ අයෙක් නොවන අතර කාරණා සම්බන්ධයෙන් ඓතිහාසික තත්ත්වයන් ගැන අවබෝධයක් තිබිය යුතුය.ඇය නියෝජනය කරන ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෙක් ලෙස ගත් විට රගර් සම්බන්ධයෙන් ඇයගේ මැදිහත්වීම පණත ප්‍රකාරව කෙසේ සිඳු විය යුතු ද යන්න විමසා බැලීම වටින්නේය.

අධිකරණයෙන් නාමල් රාජපක්ෂ පැන වූ තහනම ඉවත් කර ශ්‍රී ලංකා රගර් සඳහා වැඩ කටයුතු කරගෙන යාමට සහ නිලවරණය පැවත්වීමට අවස්ථාව දි ඇත.ඒ සම්බන්ධයෙන් දැන් තිබෙන්නේ අධිකරණය කී පරිදි එම තහනමට පදනම් වූ සිද්ධි විසඳා අධිකරණට දැණුම් දීමය.එය ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් සිඳු වූ ගමන් අධිකරණයෙන් පූර්න නිදහස රගර් පරිපාලනයට ලැබෙන්නේය.එවිට ආසියාතික තහනම ඉවත් වේ.එය සිඳු නොකර තිබීම ගැන අමාත්‍යවරයාට පෙන්වා දී වහාම අධිකරණයට කරුණු ඉදිරිපත් කර ආසියානු රගර් තහනම ඉවත් කිරීමට අදාළ පසුබිම සැකසිය යුතු බව අමාත්‍යවරයා දැනුවත් කිරීමය.
නමුත් සුජානිලා කරන්නේ රාජපක්ෂලාගේ නියකට හෝ හානියක් සිඳු නොවන සේ අනෙක් පුද්ගලයන් හැසිරිය යුතුය යන අන්ධ සහ මුග්ධ විශ්වාසයේ සිටින රාජපක්ෂවාදී ප්‍රකාශය.ඇය හිතාමතාම තමා ද සම්බන්ධ නඩුවක ඉහළ සැකකාරිත්වය මඟින් පැන වූ තහනමක් නිසා මේ තත්ත්වය සිඳු වි තිබෙන බව සඟවන අතර තමා නියෝජනය කරන සභාවෙන් උපදෙස් දිය යුතුව ඇති අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම පමා විම නිසා නාමල් රාජපක්ෂ පැන වූ තහනම සපුරා ඉවත් නොවි තිබෙන බවත්,ආසියානු තහනම පවතින්නේ ඒ අනුව බවත් නොකියන්නේය.

“තමන් සමඟ සභාවේ සිටින හිටපු රගර් පරිපාළකයන්ද සිය හෘද සාක්ෂියට එකඟව පැවසිය යුතු කරුණු වන්නේ,කාලයක් තිස්සේ ණය බවට පත්වෙමින් තිබූ රගර් ගිණුම දැන් එම තත්ත්වයෙන් මිදෙමින් ඇති බවය.අලුත් අනුග්‍රාහකයන් ගණනාවක් අමාත්‍යවරයාගේ සහ අමාත්‍යංශයේ සහයෙන් තොරව සොයා ගෙන ශ්‍රී ලංකා රගර් පරිපාලනය බොහේ ක්‍රීඩා පරිපාලන අසරණ වී ඇති වටපිටාවක් පැවත්විය යුතු සියලු ජාතික මට්ටමේ රගර් තරග පවත්වමින් සහ නව තරග හඳුන්වා දෙමින් වැඩ කරමින් සිටින බවය.අමාත්‍යංශය ක්‍රිඩා සංගම්වලට මුදල් නැති බව කියා ලිපි යවද්දි රට තුළ රගර් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රගර් සම්මේලනය ක්‍රියාමාර්ග ගණනාවක් සිය ස්වාධීන තීරණ හරහා එකතු ගනිමින් සිටින්නේය.මෙවැනි තත්ත්වයක අධිකරණය ද වැඩ කරගෙන යාමට උපදෙස් දි තිබියදී ශ්‍රී ලංකා රගර් සම්බන්ධයෙන් අධිකරණයේ හිර වී තිබෙන,අමාත්‍යංශය පැත්තෙන් දිය යුතුව තිබෙන තොරතුරු ලබා නොදී සිටීම වැරදිය.එසේ දීමෙන් ආසියාතික තහනම ඉවත් කර ගත හැකිය.අවශ්‍යය කටයුතු නොකිරීමෙන් පාපන්දු ක්‍රීඩාවට අත් වූ ඉරණම ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවට ද අත් විය හැකිය.”

ඉහත දැක්වෙන්නේ ජාතික ක්‍රීඩා සභාවෙන් රගර් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ඉදිරිපත් විය යුතු කරුණුය.ඉහත එක් කාරණාවක් හෝ වැරදි ඇත්නම් සුජානි බෝගල්ලාගමට ඒ බව මෙහි සටහන් කරන්නට ඉඩ ලබා දිය හැකිය.සිඳුවෙමින් පවතින්නේ දේශපාලකයන්ට දේශපාලනමය නොවන ක්‍රීඩාමය වූ හැඟීමකින් ක්‍රීඩාව දෙස බලන්නට උපදෙස් දීමට ජාතික ක්‍රීඩා සභාවන් පත් කිරිම නම් වන එය පිහිටුවීමේ අරමුණ වෙනුවට දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ දේශපාලකයා වෙනුවෙන් ප්‍රශස්ති ගැයීම සහ නැටීම වෙනුවෙන් පත් කරගන්නා සභාවන්ය.එය ඉටු කරමින් සිටින අතර තමන්ව ප්‍රතික්ෂේප කරන තැන්වලට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුග්‍රහයෙන් පත්වෙන්නට උත්සාහ කරන අය ද එහි සිටියි.අමාත්‍යවරයා ප්‍රශ්නයකදී අසරණ නොවන්නට බේරා ගැනීම සඳහා උපදෙස් දිය යුතු චරිත සිටිය යුතු තැන්වලට අසරණ චරිත පත් වූ විට සිදු විය හැකි දේ දැන් සිඳුවෙමින් පවතින්නේය.

ක්‍රීඩා පනතේ සංශෝධන ජාත්‍යන්තරව පිළිගත නොහැකි බවට දැනටමත් අවවාද ලැබෙමින් පවතියි.ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණ නීතිමය වශයෙන් අභියෝගයකට ලක්ව තිබෙයි.රගර් සභාපතිවරයාට එරෙහිව ගත් තීරණය ද අධිකරණය විසින් නොසළකා විභාගයට ගැනෙන තෙක් වැඩ කරගෙන යාමේ බලය පවරා තිබේ.පාපන්දු තහනම් වි ඇත.මේ සඳහා අමාත්‍යවරයාට උපදෙස් දීමට.ක්‍රිඩාව සංවර්ධනය කිරිමට පත් කළ ජාතික ක්‍රීඩා සභාව වගකිව යුතු නැද්ද? මේ තරම් අවුල් ජාලයකට ක්‍රීඩාව මෑථ කාලයේ ඇඳ දැමීමට හේතුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ පෞද්ගලික මුග්ධ බවම නොවේය.යා යුතු මඟ පෙන්වන්නට පත් කර ගත් අය ඒ වෙනුවට අමාත්‍යවරයාට ඉදිරියේ යන්න යැයි පවසා පිටුපසින් යාමය.සුජානි ඇත්තටම සමහර විට තමන් සිටින්නේ ඉදිරියෙන්ද පසුපසින් ද යන්න නොදන්නා ද විය හැකිය.

එසේම 2019 දි රග්බි කුසලානය ආසියාවේ සංචාරය කරද්දි බොහෝ දේ සිඳු විය.රග්බි ප්‍රවර්ධනයට මෙන්ම රටේ සංචාරකමය වටිනාකම ඉහළ දැමීමටත් මෙය අපූරුවට යොදා ගන්නට තිබිණ.නමුත් රගර් සම්මේලනය ප්‍රතික්ෂේප කර නිලවරණය සඳහා ඉදිරිපත්වීමට නාම යෝජනා අත්සන් තැබීමට ප්‍රමාණවත් පරිදි පුද්ගලයන් සොයා ගන්නට නොහැකි අය හරහා මෙය සංවිධානයේ දී කළ හැකිව තිබුණේ රාජපක්ෂ පවුල් සාමාජිකත්වය සෙමින් නැවත රගර්කරණය කරමින් යෝෂිතව සභාවට කැඳවීම පමණක් විය.
නමුත් මේ වන විට දිවයිනේ මේ දක්වා රගර් ක්‍රියාත්මක වි නොතිබි බොහෝ ප්‍රදේශ නැවත ආකර්ශණය කරමින් තරග පවත්වමින් සිටින අවස්ථාවක රටටත් ක්‍රීඩාවට පිරිස ආකර්ශණය වන ආකාරයටත් මේ ලෝක කුසලාන සංචාරය කිරීමට ශ්‍රී ලංකා රගර් වෙත තිබූ හැකියාව හෝ ක්‍රීඩා අමාත්‍යවරයාට පෙන්නා දෙන්නට ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයෝ අසමත්ව සිටිති.එසේම එය ලංකාවේ සංචාරක කළාප ස්පර්ශ වෙන පරිදි ශ්‍රී ලංකා රගර් හි මාධ්‍ය කටයුතු භාරව සිටින,ක්‍රිකට් ලෝක කුසලාන අවස්ථාවේද මාධ්‍ය කටයුතු භාරව කටයුතු කර ඇති,ප්‍රකට ඉසව් කළමණාකාරවරයෙකු සහ ජනාධිපතිවරයාගේ සමීප දේශපාලකයෙකුද වන මහේෂ් සේනානයක වැන්නෙක් හරහා විශාල වැඩ කොටසක් කර ගන්නට තිබිණ.

ලෝකයේ ඉහළ ප්‍රසිද්ධ ආයතනයක් වන මාස්ටර් කාඩ් ආයතනය මෙම සංචාරය සඳහා එකඟ කරවා ගැනීමේ වාසිය රටට හෝ රගර් ක්‍රීඩාවට නොලැබෙන සේ සිඳු කිරීමට වගකිව යුත්තේ කවුද?මාධ්‍යයට අදහස් දැක්විමට ඉදිරිපත් විමෙන් සුජානි බෝගොල්ලාගම ඒ සම්බනධයෙන් වගකීම ජාතික ක්‍රීඩා සභාවට ලබා ගන්නවාද? රටේ ක්‍රිකට් ආයතනය හැරුණු විට වඩාත් සක්‍රීයව ක්‍රියාත්මක වන ක්‍රීඩා සංගමයක් වන රගර් පරිපාලනය ඈත් කර තබමින් සහ එයට අකුල් හෙළමින් රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමෙන් රගර් සඳහා සහ ලංකාව පවතින ආර්ථික අර්බූදය හමුවේ ලෝකයේ සංචාරක අවධානය වැඩිපුර දිනා ගත හැකි මාවතෙන් ඈත්වීම මෙන්ම මාස්ටර් කාඩ් ආයතනයට ලබා ගන්නට තිබුණ ප්‍රචාරක වාසිය අත හැරි තිබෙන බව අපේ නිගමනයය.

දේශපාලන වශයෙන් ප්‍රසිද්ධියේ ක්‍රීඩාවන්ට සහභාගි වීමට චකිතයක් තිබූ රාජපක්ෂවරුන්ට නැවත සහබාගි වෙන්නට අවස්ථාව සැළසිමට සුජානි පමණක් නොව මහින්ද රාජපක්ෂ සමඟ පෙනී සිට රගර් ජාත්‍යන්තර පිටියක් ගැන ඉටු නොවුණ දේශපාලන පොරොන්දුවකින් රගර් සමාජය අන්දන්න කටයුතු කළ ලසිත ගුණරත්න ද මේ ජාතික ක්‍රීඩා සභාවේය.ඒ හැරෙන්නට සුජානි බෝගොල්ලාගම කිව යුත්තේ කොපමණ රගර් ලෝලීන් පිරිසක් මීට සහබාගි කරගන්න හැකි වුණා ද?ලාංකේය රගර් සමාජය බලය ඇති පිරිසගෙන් බැහැර කොට මෙවැන්නක් සිඳු කිරීම නිසා රගර්මය යහපත උදෙසා වන වැඩ සටහන් සංවිධානය කරන්නට නොහැකි වූ බව සුජානි පිළිගත යුතුය.රගර් යහමින් පවතින නුවර සහ කොළම යා කර සරල තේරෙන බසින් ගේමක් ගසා ඔළු ගෙඩි පෙන්නිම හැර රගර් මේ වන විට බෝ කරමින් සිටින ප්‍රදේශවලට එහි නියෝජනය වැඩි කරන්නට ගත හැකිව තිබූ ක්‍රියා මාර්ග මඟ හැරිණ.ප්‍රදේශීය රගර් පරිපාලන ඒකක සම්බන්ධ කර ගැනීමට ජාතික ක්‍රීඩා සභාවට ඇති නොහැකියාව එහි සිටින රගර් සම්බන්ධ පිරිස ප්‍රතික්ෂේප කිරීමය.ඒ නිසා පාසල් මට්ටමෙන් යම් ඈද ගැනීමක් කර තමන් සභාපති සේ හඳුන්වාදෙන නියෝජනයක් හදාගෙන ස්වය වින්දනයක් ලැබිමට අමතරව එහි සිටින නිලධාරීන්ට නුවර දක්වා මඟ දෙපස රගර් සඳහා ආකර්ශණය ඇති පිරිස් එකතු කරන්නට ද නොහැකි විය.

ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාවක් මෙන්ම ශක්තිමත්ම දේශීය පරිපාලන ඒකකයක් ඇති ශ්‍රී ලංකා රගර් එහි ලෝක කුසලානය රැඟෙන එන මොහොතේ යොදා ගෙන රටේ පවතින ආර්ථිකමය සහ සමාජමය ගැටළු ගැන සැළකිල්ල යොමු කර සංචාරක කර්මාන්තය කෙරෙහි අවධානය යොමු කර ඒ සඳහා රට පුරා පිහිටි රගර් පරිපාලන ඒකක හරහා වැඩ සටහනක් කර ගන්නට තිබුණ ඉඩ නැති විය.එය අනුග්‍රාහක මාස්ටර් කාර්ඩ් ආයතනයට වුණත් වැදගත්ය.2019 වසරේ දී නේපාලයේ සහ ඉන්දියාවේ කුසලානය ප්‍රදර්ශනය වෙද්දී සිඳු වි ඇති දේ සුජානිට ඇය කියන ආසියානු සම්මේලනයේ වෙබ් අඩවියෙන් හෝ දැන ගත හැකිය.

සිදු වී ඇත්තේ සුජානිල වචන එබ්බවූ යන්ත්‍ර මෙන් ක්‍රියා කිරිමෙන් එක තැනකින් නිරුවත වහගන්නට යාමේදී වැසි තිබුණු තැන් වැඩි පුර එළියට විවර වීමය.ආසියානු තහනම කියන විටම ඊට මුල් වි ඇත්තේ නාමල්ගේ උසාවියෙන් අතුරු තහනම් නියෝගයකට යටත් කළ තහනම නිසා පැන නැඟුණු එකක් බව සුජානිට අමතක වෙයි.එසේම ඒ වගකීම අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට අධිකරණය දුන් තීන්දුව අනුව සිඳු නොවේනම් ක්‍රීඩාවේ පාලනයට උදව් කිරීම පිණිස සුජානිලා ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයාව දැනුවත් කර මෙහෙයවිය යුතුය.
නාමල් රාජපක්ෂලාගේ දේශපාලනය සහ ව්‍යාපාර ද ක්‍රීඩාව ද දිව ගිය හැටි ගැන සුජානිලා කියන කතාවෙන් හොඳ පිංතූරයක් බලා ගන්නට හැකිය.තමන්ගේ පදයට නැටීම මිස නොමේරු නාමල් දේශපාලනිකව මේරු මිනිසුන්ගේ යහපත් වැඩ මතින් තමන්ගේ දේශපාලනය එළිය කරගන්න හැටිවත් නොදැන සිටියා හෝ උද්ධච්ඡකම නිසා ගණන නොගෙන සිටියා විය යුතුය.ඒ කණ්ඩායමේ හැටි නාමල්ට එහෙයි කීමය.එපමණකින් සෑහුණත් මෙහිදි නාමල් වෙනුවෙන් ශ්‍රී ලංකා රගර්වලට එරෙහිව තැබිය යුතු උත්සාහක දිණුම සුජානි තැබුවේ අනුන්ට ලකුණු ලැබෙන පරිදි ය.ලකුණු ප්‍රතිවාදීන්ට මිස නාමල්ටවත්,ක්‍රිඩා අමාත්‍යංශයටවත් වත්මන් ඇමති රොෂාන් රණසිංහටවත්,අඩුම තරමේ තම ජාතික ක්‍රීඩා සභාවටවත් මේ තරම් වියදමක් කරමින් තමන් වෙනුවෙන් කුසලානය ගෙනවිත් ප්‍රදර්ශනය කරන මාස්ටර් කාඩ් ආයතනයටවත් නොවේය.

සුජානිගේ මේ ප්‍රකාශයෙන් හැදින්වෙන්නේ මේ ක්‍රියාවලියේ අමාත්‍යංශය සහ ජාතික ක්‍රීඩා සභාවේ අසමත් භාවය ගැනය.එමෙන්ම අනුග්‍රාහක ආයතනයට දරණ වියදම වෙනුවෙන් ලැබිය යුතු ප්‍රචාරණයේ සීමාව පටු කර තිබෙන බවය.
පහත දැක්වෙන්නේ සුජානි බෝගොල්ලාගම සහ රිස්ලි ඉල්ලියාස් මාධ්‍යයට දැක් වූ අදහස් ය.
https://fb.watch/iME2K1zx6o/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan