මෙරට ආපනශාලා 18% ක් අසතුටුදායක තත්ත්වයක

Date:

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසන්නේ මෙරට ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18% ක පමණ ප්‍රමාණයක් බවයි. එහි සභාපති සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ අසතුටුදායක තත්ත්වයේ ඇති ආපනශාලා සහ හෝටල් 18% සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බවයි.

“ලංකාවේ දැනට තියෙන හෝටල් සහ ආපනශාලාවලින් 18% ක් අසතුටුදාක තත්ත්වයේ තියෙන්නේ. විශේෂයෙන් මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරමින් තියෙන්නේ. ඒ වගේම 27%ක් සාමාන්‍ය තත්ත්වයේත්, 55%ක් ඉතා හොඳ තත්ත්වයේත් තියෙනවා. ලංකාවේ හෝටල් සහ ආපනශාලා 2022 මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාර පරිභෝජන කරන වර්ගී කරන ආයතන ආකෘති පත්‍රයේ අනුව කරන සමීක්ෂණ දත්තවලට අනුව තමයි මේ දත්ත ප්‍රකාශ කරන්නේ. විශේෂයෙන් ඒ දත්තවලට අනුව A කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 55%කුත්, B කාණ්ඩයේ පරිහරණ හෝලටල් සහ ආපනශාලා 27%කුත්, C කාණ්ඩයේ අසතුටුදායක තත්ත්වයේ ඒවා 18%කුත් තමයි තියෙන්නේ. මේ මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු තත්ත්වයේ ආහාර නිෂ්පාදනය කරන 18% වුණ හෝටල් සහ ආපනශාලා සංවර්ධනය කිරීම සඳහා සහ ඔවුන් B කාණ්ඩයටවත් අවම වශයෙන් ගෙන ඒම සඳහා අවම වශයෙන් ගෙනඒම සඳහා අවශ්‍ය නිවේදන නිකුත්කිරීම නියාමනය කිරීම. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී නෛතිකමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල නිරත වෙලා ඉන්නවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...