පියැසි ඉරා දමමින්, ගුවන් යානා තල්ලු කරමින් මාරක ඉයුනිස් එංගලන්තයේ යකා නටයි!

Date:

පියැසි ඉරා දමමින්, ගස් මුලින් ගළවා දමමින් ඉයුනිස් සුළි සුළඟ, එංගලන්ත ඉතිහාසයේ වේගයෙන් අධිකතම සුළි කුණාටුව බවට පත් ව තිබේ.ගුවන් යානා, ගුවන් ධාවන පථ මත තල්ලු කර දැමීමට තරම් ඉයුනිස් සුළි කුණාටුව වේගවත් ව සහ බලවත් ව ඇත.

මිලියන ගණනක් එංගලන්තය වැසියන් මර බියට පමුණුවා ඇති මෙම සුළි සුළඟ, ‘ජීවිත හානි’ ඇති කරන මට්ටමේ එකක් බව එක්සත් රාජධානි කාලගුණික දෙපාර්තමේන්තුව විසින් පවසා තිබේ.

මෙම “danger-to-life” හෙවත් ‘ජීවිත තර්ජන’ අදියරේ අනතුරු ඇඟවීමක් එරට කාලගුණික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන්නේ ඉතා කලාතුරකිනි.

දකුණු දිග එංගලන්තයේ සහ වේල්සයේ ඇතැම් පළාත්වලට බලපෑ මෙය, මේ වන විට පැයට කිලෝමීටර 122 ක වේගයක් අත්පත් කර ගෙන තිබේ.

අයර්ලන්තය ද ඉයුනිස් නිසා බලපෑමට හසුව ඇති අතර, එක් මරණයක් වාර්තා වේ. එම තැනැත්තා මරණයට පත් ව තිබෙන්නේ සුළං පහර නිසා පෙරළී ගිය ගසකට යට වීමෙනි.

ලන්ඩනයේ ලෝක ප්‍රකට O2 ඇරීනා ද සුළි කුණාටුවෙන් දැඩි හානියට පත් ව ඇත.

 Damage to the roof of the O2 Arena. Photo credit should read: Stefan Rousseau/PA Wire
 PA Wire

ඡායාරූප : CNN/ PA Wire

AMALI JAYAWEERA OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...