*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ආහාර අර්බුදයට පිළියම් ලෙස සමූපකාර පද්ධතිය විධිමත් කිරීමට පියවර!

රට තුළ පවතින ආහාර අර්බුදයට පිළියම් ලෙස සමූපකාර පද්ධතිය විධිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වෙයි.

මෙමඟින් රටේ ආහාර සුරක්ෂිතතාව සහ ආහාර සැපයුම් දාමය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වේ.

සමූපකාර ක්ෂේත්‍රය තුළ සිදුවන වැරදි කළමනාකරණය, වංචාව, දූෂණය සහ නාස්තිය මුලිනුපුටා දමමින් එහි උපරිම සේවාවක් ලබා ගැනීම සඳහා එම පද්ධතිය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවට රජයට සමීප ආරංචිමාර්ග සඳහන් කරයි.

ආර්ථික අර්බුද හෝ වසංගත කාලවල ආර්ථික දුෂ්කරතා සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් මතුවන අවස්ථාවන් වලදී, බහුකාර්ය සමූපකාර සමිති සහ සාප්පු ආහාර සලාක බෙදා හැරීමේ වැදගත් කාර්යභාරයක් ඉටු කළයුතුය.

සමූපකාර පද්ධතිය විවිධ සේවා සමූපකාර සමිති, සකසුරුවම් සහ ණය සමූපකාර සමිති (සණස), සමූපකාර ග්‍රාමීය බැංකු සහ දස දහසකට ආසන්න විවිධ සේවා සහ කෘෂිකාර්මික සමූපකාර වලින් සමන්විතය.

සමූපකාර පද්ධතියට අයත් විෂයයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ බෙදා දැමීමෙන් පසු එම ක්ෂේත්‍රයේ ප්‍රගතියට බරපතල හානි සිදුව තිබිණි.

එබැවින්, සමූපකාර ග්‍රාමීය බැංකු කලමනාකරණයේ හටගන්නා අක්‍රමිකතා ඇතුළු විවිධ අක්‍රමිකතා රැසක් මතුවන අන්දමින් පළාත්වලට බෙදා ඇති සමූපකාර පද්ධතිය නිසි නියාමනයකට යටත් කිරීමට රජය අවධානය යොමුකරමින් සිටියි.

ඇතැම් සමූපකාර සමිති සාමාජිකයන් පෙන්වා දෙන්නේ, සමූපකාර සමිතිවල කටයුතු නියාමනය කිරීම හා බලයලත් රජයේ අධිකාරිය වන පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව රටපුරා සිදුවන එවන් දූෂණ හා වංචා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා උදාසීන ප්‍රතිපත්තියක් බවයි.

සමූපකාර දෙපාර්තමේන්තුවේ ඵලදායී මැදිහත්වීම් සහ නියාමනයට බාධා පමුණුවන කරුණු කිහිපයක් ඔවුහු පෙන්වා දෙති. එවා නම්;

(i) සමූපකාර සමිතිවල පරිපූර්ණ විගණන සිදු කිරීමට කාර්යමණ්ඩලයක් නොමැති වීම,
(ii) විශාල ඉදිකිරීම් වැනි සමූපකාර මඟින් ආරම්භ කරන ලද සාම්ප්‍රදායික නොවන ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට තරම් විගණන කාර්ය මණ්ඩලය තාක්ෂණිකව දක්ෂ නොවීම;
(iii) අල්ලස් හා දූෂණ සිදුවීම සහ;
(iv) දේශපාලන බලපෑම් ය.

මෙම ඛේදවාචකය පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන බැංකු ඇතුළු සියලු සමූපකාර ආයතන වලට පොදු බවට ඔවුහු අනාවරණය කළහ. ග්‍රාමීය බැංකු ක්‍රමයට ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන්ගේ මැදිහත්වීම දිනචරියාවේ කොටසක් තරමටම සාමාන්‍යකරණය වී ඇති බව ද ඔවුහු අවධාරණය කළහ.

ප්‍රාග්ධන සමූපකාර බැංකු ජාලයක් පිහිටුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ එවන් මැදිහත්වීමක් පිළිබඳව තොරතුරු පසුගිය දා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ අතර, දිවයින පුරා පිහිටි ශාඛා 171 කින් සමන්විත මෙම බැංකු ජාලය මහජනතාවගේ තැන්පතු ලබාගැනීමේදී ඉතා අක්‍රමවත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටින බව ද අනාවරණය විය.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ, තමන් මහ බැංකුවේ අනුමැතිය ද ඇතිව දිස්ත්‍රික්ක නවයක තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනය සඳහා ප්‍රාග්ධන සමුපකාර බැංකු ක්‍රමයක් ආරම්භ කළ බවත් එය පසුගිය වසර 20ක කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත්ය. තමා සමූපකාර බැංකු සමාජය තුළ කිසිඳු තනතුරක් නොදරන බව ද ඔහු සපථ කළේය.

එය එසේ වූවද, සමූපකාර පද්ධතියට දේශපාලඥයන්ගේ මැදිහත්වීම් සිදුවීමට එරෙහිව රජය දැඩි ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුය. විශේෂයෙන්ම දේශපාලන මැදිහත්වීම් හමුවේ ග්‍රාමීය බැංකු පද්ධතිය තුළ සිදුවන අකටයුතුකම් කෙරේ අවධානය යොමුකළ යුතුය.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan