සජබ e කොළම.

Date:

අශෝක ජයතුංග

පෙබරවාරි, 19 වොෂින්ටන් LNW : 👺 කයිවාරු අය නොව රටට ඩොලර් හා රුපියල් උපදවිය හැකි නායකයා හා කණ්ඩායමයි දැන් රටට ඔිනෑ – වි: නායක සජිත්.

👺 ජනාධිපති තනතුර අහෝසි කරන මුවාවෙන් ජනපතිවරණ කල්දාලා බලයේ ඉන්න හදන ගේම් වලට අපි රැවටෙන්නෙ හෝ ඉඩ දෙන්නෙ නෑ –  සජිත්.

👺 සජිත් ගෙන් රට ගොඩනගන 20 වැදෑරුම් ප්‍රතිපත්ති ප්‍රකාශයක්.

👺 මැදකොළඔ ශා: ආනා නිවිතිගල ඇලපාත මිනුවන්ගොඩ වීගොඩ විදුහල් වලට සජිත් හා ජලනි ගෙන් ලක්ෂ 10 ක සුහුරු පංති කාමර. 100 වැනි සක්වල පංතිය බොරලැස්ගමුව මහ විදුහලට.

👺 ඡන්ද ලක්ෂ 10 කට වඩා ඇති කදුකරයේ පක්ෂ සජිත් සමග ගිවිසුමකට එළඹෙයි.

🎀 හිටපු පළාත් සභා ඇමති  ගාමිණී තිලකසිරි හා හිටපු මන්ත්‍රී ගාමිණී සිල්වා සජබට එක්වේ.

👺 කරූ ගේ සාධාරණ සමාජය ඡන්ද ක්‍රමය වෙනස් කරන යෝජනා ගැන කතාකරන්න කැදවූ සමුළුවෙදී කෙටි කලකින් ජනපති ක්‍රම වෙනස් කල නොහැකි බව සජබ මහලේකම් රංජිත් කියද්දී ජනපති තනතුර අහෝසි කරනවා නම් අත් දෙකම උස්සන බව රාජිත කියයි.

👺 සමගි නීතීඥ සංගමයේ තෙවන සංවත්සරයට දෙස් විදෙස් නීතීඥයන් 1000 ක පිරිසක්. ආසියා පොදුරාජ්‍ය මණ්ඩල හා ඉන්දියානු නීතීඥ සංගම් සභාපතිලත් එක්වෙයි.

👺ජවිපෙ හා මාළිමාව තමන්ම හදපු බොරු සමීක්ෂණ ප්‍රතිළුල දාල ඉන්දියාව හා ලංකාවෙ මිනිස්සු අන්දන්න හැදුවට අන්නිමට ඇන්දෙන්නෙ එයාලමයි – මහලේකම් රංජිත්.

👺 ලංකාවයි ඉන්දියාවයි මෙරට ජනතාවයි අන්දපු මාළිමාවෙ බොරු සමීක්ෂණය ගැන ලගදීම රටම දැනුවත් කරනවා – තුෂාර ඉඳුනිල්.

👺 පාර්ලිමේන්තු සැසිය විවෘත කල දා කතාවේ ලග එන මැතිවරණ හා රට ඊට සූදානම් කිරීම ගැන වදනයක් නෑ. බළල් අත් හරහා වෙනම ගේම් ගහන්න ඉඩ දෙන්න බෑ – කිරිඇල්ල.

👺 ජනපතිවරණය ජයගන්න සජබ ඡන්ද පොළ හා බිම් මට්ටමින්  ගොඩ නගන ජාතික වැඩ පිළිවෙල “ජන පවුරයි” – තිස්ස අත්තනායන.

👺 අගෝස්තු 17 හා සැප්: 17 අතර ජනපතිවරණය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාව අනුව සිදුකල යුතුයි – තිස්ස.

👺 සමාජ මාධ්‍ය මර්දනයට නීති ගෙනැත් නාගත්ත ආණ්ඩුව ටීවී රේඩියෝ මර්දනයටත් නීති ගේන්න හදනවා – ආචාර්ය හර්ෂ.

👺 සමහරු ඉන්දියාවට ගියේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුවයි. ඒ හරහා එළිදුටු සමීක්ෂණයත් බොරු එකක්. එය සාධාරණව විද්‍යාත්මනව කරපු සමීක්ෂණයක් නෙවෙයි. ජනතාව අන්දන්න බෑ. මේරට ගොඩගත හැකි ටීම් එක සජබයි – සුජීව සේනසිංහ.

👺 ජවිපෙ එදා ඉන්දියාවට විරුද්ධව කරපු ව්‍යාජ ජඩ දේශපාලනය නිසා දිවිදුන් තරුණයො 60,000 අද වලේ ඉදන් ජවිපෙට සාප කරනවා ඇති – හෙක්ටර් අප්පුහාමි.

👺 ඉන්දියාවට දෙන ඒව ටෙන්ඩර් නැතුව දෙන එක  විතරලු හොඳ නැත්තෙ කියල ජවිපෙ අද කතා කරන්නෙ කටින්ද – හෙක්ටර්.

👺 ජවිපෙ දැන් රටට කියන්න ඔින ජවිපෙත් දැන් සජබ ප්‍රතිපත්තිම තමයි අනුගමනය කරන්නෙ කියලා – අශෝක් අබේසිංහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?