තවත් ශ්‍රමිකයින් 95 කට ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා ගුවන් ටිකට්පත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 19 කොළඹ (LNW): කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතින් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබෙන බව පැවසේ.

මීට අමතරව සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 54 දෙනෙක් සදහාද ගුවන් ටිකට්පත් ලබාදෙනු ලැබූ අතර, ඊට කාන්තාවන් 49 දෙනෙක් සහ පිරිමි සාත්තු සේවකයින් 5 දෙනෙක් ඇතුළත් වන බව දන්වයි.

මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් 1070ක් පිටත් කර යවා තිබෙන බව අද්මාත්‍යාංශය කියයි.

ඇමැතිවරයා මෙහිදී පැවසුවේ, ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පන්සියයක් සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එම සංඛ්‍යාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමට හැකියාව ලැබී ඇති බවයි.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන සේවා ගිවිසුම් ලබාගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට තමන් බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා වන පුහුණු වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ හිම කඳු කඩා වැටීමෙන් කඳු නගින්නන් හත් දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊසානදිග නේපාලයේ...

මම්දානි ජයග්‍රහණය කළහොත් නිව්යෝර්ක් නගරයට ෆෙඩරල් අරමුදල් සැපයීම නවතා දමන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...

විදෙස් ගමන් තහනමක් සමඟ රත්වත්තේ ඇප මත නිදහස්!

කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...

හිටපු ඇමරිකානු උප ජනාධිපති ඩික් චෙනී මිය යයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 04: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ...