කොළඹ LNW:නීතිඥ එස්.ජී.පුංචිහේවා මහතාගේ පුස්තකාලය ජාතික ජන බලවේගයට පරිත්‍යාග කිරීම අද (19) සිදුවිය.
එම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය,ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල්කාන්ත ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුංචි හේවා මහතා පැවසුවේ ජාතික ජන බලවේගය මෙරට දේශපාලනය තුළ ගොඩනැගුණු විශිෂ්ඨ නිර්මාණයක් බවයි.
ASK