ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය චීනයෙන්!

Date:

කොළඹ LNW:මේ දිනවල වඩාත් ජනප්‍රිය චීන සජීවීකරණ සිනමාපටයක් වන “Ne Zha 2” නිර්මාණය ඩිස්නි සමාගම නිෂ්පාදනය වන “Inside Out 2” චිත්‍රපටය අභිබවා ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.

චීනයේ ප්‍රවේශ පත්‍ර වේදිකාවක් වන Maoyan හි දත්ත අනුව පසුගිය 18 වනදා වන විට චිත්‍රපටයේ ගෝලීය ඉපැයුම්, පූර්ව අලෙවිය ද ඇතුළුව යුවාන් බිලියන 12.319 (ඇ.ඩො බිලියන 1.72 ) ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනවාරි මස 29 වැනිදා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේදී මෙහි තිරගත වීම ආරම්භ වුණා. ඉන් දින 20කට පසුව සහ ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 අතරට පත්ව, එක් දිනකට පසුව “Ne Zha 2” සිනමා පටය මෙම සන්ධිස්ථානයට පැමිණීම විශේෂත්වයක්.

චීනය තුළ, එනම් තනි වෙළඳපොළකින් ඇ.ඩො බිලියන 1ක් උපායගත් පළමු අවස්ථාව සහ ඩොලර් බිලියනක ආදායමක් ඉපැයූ පළමු හොලිවුඩ් නොවන සිනමා පටය මෙය වීමද ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසයි සටහන් වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...