යූරෝ දහදාහක් වටිනා කිස් එකක්!

Date:

සටහන – පුලී
පෙබරවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ස්පාඤ්ඤයේ හිටපු පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා වන ලුයිස් රුබියල්ස්, ක්‍රීඩිකාවක් වන ජෙනී හර්මෝසෝව සිපගැනීමේ චෝදනාවට වරදකරු වී ඊට යුරෝ 10,800 (පවුම් 8,942) දඩයක් ගෙවන ලෙසට ස්පාඤ්ඤ මහාධිකරණය අද තීන්දු කර තිබේ.

2023 ලෝක කුසලානය සිඩ්නිහිදී එංගලන්තය පරදවා ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පදක්කම් ලබාගනිද්දී රුබියල්ස් මෙලෙස හර්මෝසෝ ගේ හිසෙන් අල්ලා ඇගේ දෙතොල් සිපගත්තේය.

මෙම සිද්ධිය කෙරෙහි එල්ල වුණු විරෝධය මධ්‍යයේ රුබියල්ස්ගේ ඉල්ලා අස්වීම සඳහා ද කැඳවුම් කිරීමක් පවා සිදු විය.

කාන්තා පාපන්දු සහ පුළුල් ස්පාඤ්ඤ සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳව ස්පාඤ්ඤයේ විවාදයක් ඇති කළ මෙම නඩු කටයුත්තේ දී නඩු පවරන්නන් රුබියල්ස්ට සිර දඬුවමක් ද ඉල්ලා තිබුණි.

හර්මෝසෝ සිටිනා ඉසව්වෙන් මීටර් 200 ක අරය තුළට පවා රුබියල්ස්ට යාම සහ වසරක කාලයක් ඇය සමඟ සන්නිවේදනය කිරීම මෙම තීන්දුව මගින් තහනම් කර ඇති බව අධිකරණය නිවේදනයක් ද නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...

මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...