ක්‍රීඩා ඇමතිගේ වවුනියා සෙනෙහසට මල් මිටක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 20,(LNW)කොළඹ :

“වවුනියාවෙ දෙමල දරුවන් කන්ඩායමකට බොක්සිං තරඟාවලියකට කොළඹ ඇවිත් නවතින්න තැනක් නැති හින්දා තරඟාවලියට සහභාගිවීම ගැටලුකාරී තත්වයක තිබෙන වෙලාවක මට පනිවුඩය එනවා. මම තරුණ සේවා සභාවෙ සභාපතිතුමාට කතා කරලා එතුමාගේ මැදිහත්වීමෙන් නවාතැන් පහසුකම් දින හතරටම හදලා දුන්නා. කලින් වසරේ ඇවිත් නිදාගන්නවත් තැනක් නැතුව තමයි තරඟාවලියට සහභාගිවෙලා තිබුනෙ. ඒ දරුවන් හමුවෙන්න ඊයේ හවස තරුණ සේවා සභාවට ගියහම ඒ අයට පුදුමයි ඇමති කෙනෙක් එයාලා බලන්න ආව එකට.

මම පහුගිය සතියෙ යාපනේ ගම්වල ගියහම ඒ අය කිව්වෙ අපේ ගමට ඇමතිවරයෙක් ආව පලවෙනි වතාව කියලා. ජාතික සමගිය හැදෙන්නෙ ජාතීන් අතර විශ්වාසය තහවුරු කිරීමෙන්. ඒක ප්‍රායෝගිකව ක්‍රියාවෙන් අවංකව කරන්න ඕන එකක්. ඔව් අපි ආයෙ කාටවත් සිංහල, දෙමල, මුස්ලිම් කියලා බෙදන්නනම් දෙන්නෙ නැහැ.“


ඉහත දැක්වෙන්නේ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.එය ඉතා වැදගත් පියවරක් නිසා සහ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් මේ ප්‍රදේශ ජාතීත්වය පදනම් කරගෙන වෙනස් කර මහා ජාතියේ පීඩනය ඒ සමාජයන් මත පැටවීම නිසා මේ රටේ සියලු ජාතියේ මිනිස්සු ලේ,මස් ඇට,නහරවලින් වන්දි ගෙවූහ.එවැනි තත්ත්වයක මේ මැදිහත්වීම ඉහළින්ම අගයන්නෙමු.


ගාමිණි ලොකුගේ අමාත්‍යවරයාගේ සමයේ දී වව්නියාවෙන් පැමිණි අති දක්ෂ වීසි කිරීමේ සූරියක් වූ ටී.අනූෂා ට ටොරිංටන් හී ප්‍රධාන ව්‍යායාම් ශාලාව භාරව සිටි අධ්‍යක්ෂ මට්ටමේ අයෙකු තහනම් කළේ එයට ජනාධිපතිවරයා පැමිණෙන බව කියමින්ය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තනා ඇති ව්‍යායාම් ශාලාව වසා දැමීම ගැන එවතට අමාත්‍යවරයාව වූ ගාමිණි ලොකුගේට දැන්විමෙන් පසු ඔහු මවිතයට පත් විය.එසැනින් අදාළ බලධාරීත්වය අමතා අනූෂාට එම අවස්ථාව ලබා දෙන ලෙස දැන්වීය.කෙසේ වුව ත් එම සමය තුළ පැවති තත්ත්වයන් අනූෂාව රටට අහිමි කළේය.අනූෂාට ක්‍රීඩාව එපා කළේය.


ඒ නිසා අමාත්‍යවරයා මේ සැළකිල්ල තමන්ට පහළින් සිටින අය අතරින් කෙසේ විද්‍යාමන වන්නේදැයි යන්නත් සොයා බැලිය යුතුය.යුද්ධයෙන් පසුව ඩයන් ගෝමස්ගේ සභාපතිත්වය ඇතුව බොක්සිං ක්‍රීඩාව උතුරට නැඟෙනහිරට ඇඟළුම් කම්හල් සමග සමීප වීම නිසා අද ඒ ප්‍රදේශයෙන් දක්ෂ බොක්ෂිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව පුහුණුකරුවන් ද නිර්මාණය වෙමින් පවතින බව ද මෙහි දී සිහිපත් කළ යුතුය.


එසේම පරිපාලන ක්‍රියාවලීන් ක්‍රීඩාවේ තව තවත් ව්‍යාප්ත කර කුමාර පංතියේ මිනිසුන් සහ සාමාන්‍ය සමාජය අතර සබඳතාවය සහ මිශ්‍රවිම පළල් කෙරෙන ආකාරයට රටේ ක්‍රීඩාවන්හී බල ව්‍යහුය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන විවෘත සාකච්ඡාවක් ඇති කිරීම වැදගත්ය. ඒ ආකාරයට ක්‍රීඩා සංගම් සහ සම්මේලනවල එකඟතා අනුව ක්‍රියා කිරීමද ක්‍රිඩාවට වඩාත් යහපත් ප්‍රතිපල උපද්දවන ක්‍රියාවලියක් වනු ඇති බවද අපි සිහිපත් කරනු කැමත්තෙමු.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...