දින ගණනාවක් පුරා රටේ ගෑස් හිඟයි. කඩිනමින් විසඳුමක් ලබා දෙන්න – විපක්ෂ නායක සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

දින ගණනාවක් පුරා ගෑස් හිගයක් ඇති නිසා පාරිභෝගිකයා අසරණ වීම නිසා ගෑස් පෝලිම් නිර්මාණය වී ඇති බවත් මේ ගෑස් හිගයට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ගෑස් අහිමි වීම රටේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය විමක් බවත් එය ජීවත් වීමේ අයිතිය පවා ආරක්ෂා කිරීමට සම්බන්ධ බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම සමාජ මාධ්‍ය හරහා තොරතුරු ලබා ගැනීම වරදක් නොවන බවත් මේ ගෑස් පොලිම් නිර්මාණය කළේ විපක්ෂය නොවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ අවස්ථාවේ හිගයක් තිබෙන නිසා මේ සඳහා විසඳුමක් ලබා දෙන ලෙසත් පාරිභෝගිකයන්ගේ මේ ගැටලුව විසදා දෙන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...