අයථා ඉපයීම් ගැන ඇමති විජේපාල තොරතුරු අනාවරණය කරයි!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පසුගිය වසරේ සැප්තැම්බර් සිට මේ දක්වා සිදුකරන ලද වැටලීම් තුළින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සතුව තිබූ නිති විරෝධී ක්‍රියා මගින් උපයා ගන්නා ලද දේපළ හා වත්කම් ප්‍රමාණය පිළිබඳව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා එම තොරතුරු සභාගත කරන ලදී.

අදාළ වත්කම් මේ වන විට ක්‍රියා විරහිත කර ඇති බවත් එම වත්කම් අතරට පසුගිය වසරේ අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපළ රැසක්ද පවතින බවත් අමාත්‍යවරයා පැවසීය..

අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසූ නීති විරෝධීව උපයා ගන්නා ලද වත්කම් සහ දේපළ පහතින්,

  1. හපුගොඩ ආරච්චිගේ කංකානම්ගේ දුමින්ද දිල්රුක්

අක්‍රීය කර ඇති දේපළ වටිනාකම රුපියල් මිලියන 23. වෑන් රථ 1, යතුරුපැදි 1, නිවස සහ රෝල ගේට්ටුව,

  1. කන්දයියා කලාමෝගන්

වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත. මෝටර් බෝට්ටු 2යි,

  1. දිලුම් තාරක බාලසූරිය

මුහුණත වටිනාකම ලක්ෂ 8ක පර්චස් 15ක ඉඩම සහිත දෙමහල් නිවස

  1. මොහොමඩ් හරීෂ් මොහොමඩ්

2026.01.21 දින සිට ක්‍රියාවිරහිත කර ඇති අතර වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත. අතර මීට අමතරව රථ වාහන 5ක්ද රාජසන්තක කර ඇත.

  1. මොහොමඩ් ශියාම්

2026.01.21 දින ක්‍රියා විරහිත කර ඇත. වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර මීට අමතරව මෝටර් රථයක්ද රාජසන්තක කර ඇත.

  1. විජේසූරිය මහදුරුගේ උදිත ඉරෝෂන් විජේසිරි

මිලියන 5ක වත්කම්, ලොරි රථ 1

  1. ඉන්දික පත්මකුමාර

මිලියන 2.5ක කැබ් රථයක්, රුපියල් මිලියනයක බැංකු ගිණුමක්

  1. ළහිරු සම්පත්

මිලියන 1.8ක වටිනාකමක් ඇති ත්‍රිරෝද රථය

  1. හෙට්ටිආරච්චිගේ දෝන ශ්‍රියාණි චන්ද්‍රලතා

කෝටි 6ක පර්චස් 14.7ක ඉඩම සහ සිව්මහල් නිවස

  1. මන්දිනු පද්මසිරි නොහොත් කෙහෙල්බද්දර පද්මේ

මිලියන 30ක අඩක් නිමකරන ලද ගොඩනැගිලි සහිත පර්චස් 20ක ඉඩම, මිලියන 20ක අඩක් නිමකර ඇති කාමර 6ක් සහිත ගොඩනැගිල්ල

  1. පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර නොහොත් දෙහිබාලා

මිලියන 200ක බහුදින යාත්‍රා 5, මිලියන 50ක පර්චස් 15.8ක ඉඩම සහ දෙමහල් නිවස

  1. ජයසිංහගේ මදුරංග සම්පත්

මිලියන 5.4ක කැබ් රථ 1, මිලියන 14.5ක වෑන් රථ 1, මිලියන 73.03ක ගිණුම් 5ක මුදල් එක්ලක්ෂ හැට දහස් තුන්සිය විසි අටයි ශත 88ක ගිණුම් 1, විදෙස් මුදල් අමෙරිකානු ඩොලර් 544, මිලියන 283ක මුදල්

  1. අධිකාරී සමන්ත පෙරේරා

මිලියන 5ක පර්චස් 10.10ක ඉඩම, මිලියන 13ක අක්කර 1 පර්චස් 1.5ක ඉඩම