පැතුම් නිස්සංක නව Hot ’N’Spicy මුහුණුවරකින්!

0
2

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, කොළඹ LNW :

ශ්‍රී ලංකා සුපිරි  ක්‍රිකට් තරුවක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කීර්තිමත් නාමයක් හිමි පැතුම් නිස්සංක, ප්‍රීමා කොත්තුමී හි නවතම සන්නාම තානාපති ලෙස පත් කර තිබේ. මෙය ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ ජවය හා ප්‍රීමා කොත්තුමී සන්නාමයේ අනන්‍යතාවය එක්තැන් කරන සුවිශේෂී සන්ධිස්ථානයකි.

"ප්‍රීමා කොත්තුමී සන්නාමය සඳහා පැතුම් ඉතාමත් උචිත ගැලපීමක්," යැයි සිලොන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීහි ප්‍රීමා සමුහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී සජිත් ගුණරත්න මහතා පැවසීය. “අපගේ සන්නාමය නිරූපණය කරන උනන්දුව, උද්‍යෝගය සහ කැපවීම ඔහු තුළ මැනවින් විද්‍යමාන වන අතර, ඔහු මෙරට තාරුණ්‍යයේ ශක්තිය සහ අභිලාෂයන් සමඟ මැනවින් බද්ධ වී සිටියි. නැඟී එන දක්ෂතාවන් කෙරෙහි විශ්වාසය තැබීම සහ මීළඟ පරම්පරාව දිරිමත් කිරීම අප සැමවිටම අගය කළ දෙයකි. පැතුම් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය එම කැපවීම තවදුරටත් ශක්තිමත් කරනවා පමණක් නොව, ප්‍රීමා කොත්තුමී සන්නාමය සතු එම තාරුණ්‍යයේ ජවය තවදුරටත් තීව්‍ර කරනු ඇත.”

පැතුම් නිස්සංක යනු තම මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත්, සහ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස් කරමින් ඉතිහාසගත වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස, ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයෙකි. ඕනෑම පීඩනයක් හමුවේ නොසැලී සිටිමින් ඉතාමත් හොඳින්, තාක්ෂණිකව ක්‍රීඩා කරන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බබළවන සුපිරි තරුවක් ලෙස පිළිගැනීමට ලක්ව ඇත.

“ප්‍රීමා කොත්තුමී සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක්. මෙම හවුල්කාරිත්වය මා හට ක්‍රිකට් පිටියේදී වගේම ඉන් පිටතදීත්  ජවසම්පන්න ජීවන රටාවක් ගතකිරීම සමග එකිනෙකට සම්බන්ධ වෙනවා. ක්‍රිකට් පිටියේදී මෙන්ම එදිනෙදා ජීවිතයේදීත්, ඉහළ උද්‍යෝගයකින් යුතුව සෑම මොහොතක්ම භුක්ති විඳීමට සහ  අමතක නොවන අත්දැකීමක් බවට මා පත් කර ගන්නවා. මෙම සහයෝගීතාවය තුළින් මුළු දිවයින පුරා සිටින රසිකයන් සමඟ සම්බන්ධ වීමටත්, ප්‍රීමා කොත්තුමී සන්නාමය නිරූපණය කරන එම තාරුණ්‍යයේ ජවය සහ ශක්තිය ඔවුන් සමඟ බෙදා ගැනීමටත් මම බලාපොරොත්තු වෙනවා.”යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

මුළු රටම දැඩි උනන්දුවකින් සහ උද්‍යෝගයකින් Hot ‘N’ Spicy ක්‍රිකට් වසන්තයකට සූදානම් වන මේ මොහොතේ, පැතුම් නිස්සංක සහ ප්‍රීමා කොත්තුමී අතර ඇති වූ මෙම දැවැන්ත සුසංයෝගය නියත වශයෙන්ම ක්‍රීඩා ලෝලීන්ට නව අත්දැකීමක් වනු ඇත. ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත්වෙමින් පවතින පසුබිමක, තරුණ හදවත් දිනූ සන්නාමයක් සහ ජාත්‍යන්තරය දිනූ ක්‍රීඩකයෙකු මෙලෙස අත්වැල් බැඳගනිමින් දක්ෂතාවය සහ රසය එකට හමුවන මේ ගමන සැබැවින්ම Hot ‘N’ Spicy අත්දැකීමක් බව නොඅනුමානය.