පකිස්ථානයේ බලශක්ති අර්බුදයට හේතුව..

රෂිකා හෙන්නායක පෙබරවාරි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පකිස්ථානයේ බලශක්ති අර්බුදය හුදු තාක්ෂණික දෝෂයක් නොව, දශක තුනක් තිස්සේ පවතින දුර්වල පාලනය සහ වැරදි සැලසුම්කරණයේ ප්‍රතිඵලයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

අධික පිරිවැයක් සහිත විදේශීය ගිවිසුම්, අකාර්යක්ෂම බෙදා හැරීමේ පද්ධති සහ දේශපාලනික අභිමතාර්ථයන් මත පදනම් වූ තීරණ හේතුවෙන් ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්ව ඇත.

නිසි ඉල්ලුම පුරෝකථනය නොකර අත්සන් කළ ගිවිසුම් නිසා භාවිත නොකරන විදුලිය සඳහා පවා රජයට විශාල ධනයක් වැය කිරීමට සිදු වී තිබේ.

මූල්‍ය සහනාධාර ලබා දීමෙන් පමණක් මෙම ගැටලුව විසඳිය නොහැකි අතර, ඒ සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ සහ විනිවිදභාවයකින් යුත් ප්‍රතිපත්ති අත්‍යවශ්‍ය වන බවත්, මෙම අර්බුදය ජය ගැනීමට නම් කෙටි කාලීන දේශපාලන වාසි පසෙකලා දිගුකාලීන ජාතික සැලසුම් වෙත යොමු විය යුතු බවත් විද්වතුන් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...