ඡන්දය කල්දැමීමට එරෙහිව සමගි ජන බලවේගය අද කොළඹ විරෝධතාවක

Date:

මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව සමගි ජන බලවේගය විසින් අද (20) පස්වරු 02.00 ට කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නියමිත ය.

එම විරෝධතා ව්‍යාපාරය අඛණ්ඩවම සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ.

“ආණ්ඩුව මැතිවරණය කල්දැමීමට විවිධ උපක්‍රම යොදන බව පැහැදිලියි. විශේෂයෙන්ම මේ මැතිවරණ ක්‍රියාදාමය සඳහා අවශ්‍ය මුදල් ලබා නොදීමෙන් හිතාමතාම ඡන්දය කඩාකප්පල් කිරීමටයි ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ. ඉතින් අද ආණ්ඩුවට ලොකු බයක් තිබෙනවා දරුණු පරාජයක් ඔවුන්ට ලැබෙයි කියලා. ඒ නිසා මැතිවරණය නොපවත්වා කල්දාන්න ඔවුන් හැම උත්සාහයක්ම දරමින් සිටිනවා. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙවෙයි අපේ දැඩි විරෝධයත් පළ කරනවා. මොකද මහජනතාවට ව්‍යවස්ථාවෙන් දීලා තියෙන මූලික අයිතිවාසිකමක් තමයි ඡන්ද අයිතිය. ඉතින් ඒ ඡන්ද අයිතිය උදුරාගන්න ආණ්ඩුව දරණ උත්සාහයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට අපි සංවිධානය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ විරෝධතා ව්‍යාපාරය නොකඩවා පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වෙනත් දේශපාලන ව්‍යාපාර, සිවිල් ව්‍යාපාර ඇතුළු සියලු දෙනාම එකට එකතු කරගෙන ක්‍රියා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...

දකුණු කොරියාවේ අලුත්ම සූදානම..

රෂිකා හෙන්නායක අගෝස්තු 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියානු දේශසීමාවේ...