*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

වෙනස්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමක් නවසීලන්තය ඉදිරියේ පරාජය විය.

මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ දක්වා උපයාගෙන තිබුණු සියලු කීර්තිය ඊයේ රාත්‍රියේ නවසිලන්තය ඉදිරියේ අහිමි කර ගත්හ.පෙර තරගවලදී පෑ දස්කම් හිතා ගන්නටවත් බැරි තරමට පහත මට්ටමකට වට්ටාගෙන තිබුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පරාජය වැළඳ ගන්නට සිදු වුණේ නවසීලන්ත දස්කම්වලට වඩා ශ්‍රී ලංකාවේ දුර්වලකම් හොතුවෙන්ය.

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත ඉණිම කඩුලු 3 ට ලකුණු 162 ක් විය.එහි වැඩිම දායකත්වය අමෙලිආ ක්ර් ගේ ලකුණු 66 විය.ඇය සමඟ සුසී බේට්ස් (56 ) දෙවන කඩුල්ලට තැබූ සබඳතාවය 110 කි.නමුත් ඒ දෙදෙනාවත් ලකුණු 32 ක් ලැබූ බර්නඩිනේන්වත් නොවන හේතු ගණනක් නවසීලන්ත ඉණිමට ඇතුළත් විය.ඔවුන්ගේ දරා ගැනීම සහ ශක්තිය කැපී පෙණින.පන්දුවට පහර දීමේදි වේගය මැන ගැනීම සහ පරතරය සොයා ගැනීමේදී දැක් වූ දක්ෂතාවය ඉහළ මට්ටමක තිබුණ අතර ඔවුන් දෙකේ ලකුණු ලබා ගත් ආකාරය අතිශයින් ශ්‍රී ලංකාවේ පසු බැසීම සඳහා මඟ සකස් කළේය.

ඉතා හොඳින් කෙටි ලකුණු ලබා ගත් නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 2 බැඟින් අවස්ථා 16 දි ලබා ගත් අතර ලකුණු 3 බැඟින් එක් අවස්ථාවක ලකුණු ලබා ගැනීමට සමත් විය. ප්‍රතිවාදී පන්දු රකින්නියන් වෙත පිඩනය ළඟා කිරීමට කෙටි ලකුණු හොඳින් ලැබීම හේතුවකි.පහසු උඩ පන්දු ගණනාවක් මෙන්ම දුවද්දි දැවි යාම් ද ඊට සාපේක්ෂ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් ගිලිහිණි.

ඉනෝකා රණවිර කැඳ වූ වහාම කඩුලු රකින්නිය පසු කර ගිය උඩ පන්දුව ඒ අතරින් වැදගත් එකකි.ඉනෝකාට යම් චකිතයකින් පහර දුන් නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉන් ගැලවීමට ගත් උත්සාහයේදි ඇදී ගිය එම උඩ පන්දුව දක්ෂයෙකුට එක අවස්ථාවක් දීම තරගයම දීමක් වැනි බව නවසීලන්ත කීඩිකාවෝ සපත කළහ.විශේෂයෙන්ම හර්ෂිතා සහ නිලක්ෂි අත හරින ලද පහසු උඩ පන්දු ඒ මොහොතේ ඔවුන් තුළ තිබුණ පිඩනය පැහැදිළි කිරීමකි.හොඳින් තරගාවලියේ ක්‍රීඩා කර ද මේ තරගය ජය ගත යුතුම තරගය බවට පත්විමේ පීඩනය ශ්‍රී ලංකා කණ්ඩායම තුළ හොල්මන් කරන බව නවසීලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ දැක ගන්නට ලැබිණ.
එසේම විශාල එකේ ලකුණු ප්‍රමාණයක් සුසි සහ කර් අතර හුවමාරු වුණේ සෝට් මිඩ් විකට දෙසින්ය.චමරිට එය වසා දැමීමට කල්පනාවක් පැන නොනැගුණේ ඔවුන් එක සැළසුමක හිර වී ක්‍රයා කළ නිසා විය හැකිය.අචිනි කුලසූරිය හොඳින් පන්දු යැවූ අතර ඇය අතරමැද ආබාධයකට ලක් විමද නවසීලන්ත ප්‍රහාරයේ අවසාන පන්දු ඕවර් කිහිපයේදි ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කළේය.නමුත් ඇය තරගයේ දෙවන පන්දු ඕවරය හොඳින් යැවූ පසු සිව්වන පන්දු ඕවරය සඳහා ඕෂධි රණසිංහ කැදවිම සිඳු කළේ ඇයි ද යන්න අපැහැදිළිය.

එසේම කවීශා දිල්හාරී පන්දු යැවිමට පිවිස මුල් පන්දු දෙකේදී හතරේ පහර දෙකක් ලබා දුන්නද අනතුරුව යැවූ පන්දු හතර එක ලකුණ බැඟින් ගෙන නවතාලීය.නවසීලන්ත පිතිකාරිණියන් තුළ යම් ආකාරයක දෙගිඩියාවක් ඇති කළ එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නැවත වරක් කවීශා කෙරෙහි අවධානය යොමු නොවිමද ගැටළුවකි.
කෙසේ නමුත් දුර්වල පන්දු රැකීම පදනම් කරගෙන දැවි යාම් අත හැරීම වගේම නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ වේගවත් කඩුලු අතර දිවිම පාලනය කිරිමට තරම් ශ්‍රී ලංකා පන්දු රකින්නියන්ට යුහුසුළු විමට නොහැකි වීමත් නිසා නවසීලන්තයට විශාල නිදහසක් සමඟ පන්දුවට පහර දිමට හැකි සැහැල්ලුවක් ගොඩ නැඟිණ.එසේ නොවන්නට එම ලකුණු 162 බොහෝ විට ලකුණු 120 සහ 140 අතර නවතින්නට තිබිණ.

පිළිතුරු ඉණිම ශ්‍රී ලංකාවට අභියෝග කළ හැකි මට්ටමක තිබිණ.එය ජයග්‍රහණය නොවුණත් ලකුණු 140 ඉක්මවා යාමෙන් ලකුණු වේගය අනුව සම ජයග්‍රහණ සහිතව ඉදිරියෙන් සිටින්නට ශ්‍රී ලංකාවට ඉඩ තිබිණ.නමුත් 150 ඉක්මවා ගිය ලකුණු පූවරුව සමඟ සෙල්ලම් කරන්නට කෙටි ලකුණු සැළසුමක් සහිතව හර්ෂිතා,විශ්මි සහ නිලක්ෂිට පවරා පසුපසට ඒමට මෙහිදීත් චමරි අකමැති විය.චමරිට සිත් සේ පහර දිය හැකි පසුබිමක් කෙටි ලකුණු හරහා ඇති කරන පිඩනය සමඟ උදා කර ගැනීම සඳහා සැළසුම් සැකසම මඟ හැරපු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 162 ට ළඟා විය හැක්කේ හයේ සහ හතරේ පහරවලින් පමණක් යැයි සිතූ ආකාරයක් දිස් විණ.එහි ප්‍රතිපලය වූයේ ශ්‍රී ලංකාවේ ඉණිම පන්දු වාර 15.5 ට සිමා වීමය.ලකුණු ගණන 60 කි.වැඩිම ලකුණු ප්‍රමාණය 19 ක් විය.එය චමරිගේය.මල්ෂා ශෙහානි ලකුණු 10 ක් එකතු කර ගත්තේය.

මේ ලකුණු පූවරුව නවසීලන්ත ලකුණු පූවරුව ඔවුන්ගේ පිතිකාරිණියන්ගේ දක්ෂතාවලට පමණක් සිමා නොවුණ ශ්‍රී ලංකා පන්දු රකින්නියන් ද දායක වූ එකක් සේ ම විය.නවසීලන්ත පන්දු යවන්නියන්ගේ කුසලතාවයට වඩා ශ්‍රී පිතිකාරිණියන්ගේ දුර්වල සහ නොසැළකිල්ල සහිත අපරිනත බව පරාජයට බල පෑවේය.
කණගාටුව පිතිකරණයේදි මෙන්ම පන්දු යැවිමේදී ද පන්දු ඕවර් 20 /20 තරගයක් ඕනෑම කණ්ඩායමකට එරෙහිව ජය ගන්න හැකි පිරිසක් ශ්‍රී ලංකාවේ සිටිමය.එහෙත් ඒවා ශාරිරිකව සහ මානසිකව තරගයක් උදෙසා කළමණාකරනය කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ට ඇති අවබෝධය පටුය.ශාරිරික යොග්්‍යතා මට්ටම කළමණාකරනය කර ගැනිම සඳහා සැළසුමක් අවශ්‍යය වන අතර පීඩකය කළමණාකරණය සඳහා හොඳ මානසික විරේකයකට බඳුන් කරවිය යුතුය.ආත්ම විශ්වාසය ජයග්‍රහණය දෙසට නැඹුරු කරවන ශාරිරික සහ මානසික දරා ගැනිමක් කණ්ඩායමට අවශ්‍යය වී ඇත.

නවසිලන්තය ආපසු හරවා එවන්නේ මේ තරගාවලියේ අවසාන කණ්ඩායම් හතර අතරට ඒමට නවසීලන්තයට වඩා හැකියාවන් සහිත ක්‍රීඩිකාවන් සිටි කණ්ඩායමක් බව අපේ විශ්වාසය වන්නේය.නමුත් ඒවා එකිනෙකට මුසු කර කණ්ඩායමක් වශයෙන් පලදායී විදිහට ප්‍රයෝජනයට ගන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධය සහිත වෘත්තිමයභාවය අතින් ශ්‍රී ලංකාව දුප්පත්ය.ඒ දුප්පත්කම නැති කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුවේදී වඩාත් වෘත්තිමය පසුබිමක් ඇති කරන පහසුකම් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ඉතාමත් දක්ෂ දෙව්මි විහංගා,මනුදි නානායක්කාර වැනි ඉතාම තරුණ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාව සතුය.හොඳින් පන්දුවට වේගයෙන් පහර දිය හැකි කෞෂානි නෘත්‍යංගනා වැනි ක්‍රීඩිකාවෝ ද දැනටමත් සංචිතයේ ඇත.වේගවත්,ශක්තිමත්,දරා ගැනීමෙන් පොහොසත් කණ්ඩායමක් වෙනුවෙන් සැළසුමක් දැන් සිටම අරඹන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් උත්සාහ කළොත් ඊ ළඟ ලෝක කුසලානය සම්බන්ධ සටහන ස්වර්ණමය එකක් කර ගැනීමට හැකිය.
පහත සබඳතාවයෙන් ලකුණු පූවරුවට පිවිසෙන්න.

https://www.espncricinfo.com/series/icc-women-s-t20-world-cup-2022-23-1338037/new-zealand-women-vs-sri-lanka-women-17th-match-group-1-1338056/full-scorecard
ඡායාරූපයේ දැක්වෙන්නේ සුසි බේට්ස්ගෙන් ලැබුණු පහසු උඩ පන්දුව අත හැරිය අවස්ථාවයි.එසේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් අත හැරුණු දැවී යාමේ අවස්ථාවලින් ගිලිහී ගියේ ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී අවස්ථාවන්ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan