*
Sunday, September 29, 2024
spot_img

Latest Posts

කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි!

සමගි ජන බලවේගය අද (20)කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සුදානම් වන අතර එහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ මැතිවරණය වැළැක්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවට චෝදනා කරමින් එය ජනතාවට ඒත්තු ගැන්වීමයි.

අදාල විරෝධතාකරුවන්ට අද දින කුරුඳුවත්ත පොලිස් වසමට අයත් මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කළේ ය.

කුරුඳුවත්ත පොලීසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබුණේ විරෝධතා හේතුවෙන් අවට ප්‍රදේශවල පිහිටි කාර්යාල , නිවාස, පාසල් සහ තානාපති කාර්යාලවලට පැමිණෙන ජනතාවට අවහිරයක් විය හැකි බැවින් එකී උද්ඝෝෂකයින්ට අදාල මාර්ගවලට ඇතුළු වීම වළක්වන්න ලෙසයි.

උද්ඝෝෂකයින් විසින් ජන ජීවිතයට හිරිහැරයක් වන්නේ නම්, ඒවා වැළැක්වීමට පොලිස් බල යෙදවිය හැකි බවත්, ඒ සඳහා අධිකරණ නියෝග අනවශ්‍ය බවත් පෙන්වා දෙමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ශේප කර ඇති අතර, කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට සමගි ජන බලවේගයේ මහලේකම් ඇතුළු පිරිසකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහන්ස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද පසවරු 2 සිටි රාත්‍රී 07.00 දක්වා කාලය තුළ ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය හා ගාලු මුවදොර පිටියට ඇතුළුවීම ඉඩ නොලැබෙන අතර, කොටුව පොලිස් වසමේ, ගාලුමුවදොර වටරවුමේ සිට;

NSA වට රවුම දක්වාත්.
NSA වටරවුමේ සිට චෛත්‍යපාර දක්වාත්,
NSAවටරවුමේ සිට ජනාධිපති මාවත දක්වාත්,
NSA වටරවුමේ සිට ලෝටස්පාර දක්වාත් ,
COT හංදියේ සිට බැංකු මාවත දක්වාත්,
බැංකු මාවතේ සිට යොක් වීදිය දක්වාත්

අවට මාර්ගවලවල ගමන් ගන්නා ජනතාවට බාධාවක් කිරීම වැළැක්වීමට පොලිසිය කටයුතු කිරීමට තීරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan