ශිරාල් ලක්තිලක චම්පික රණවකට ලොකුවටම “උදව්ව” කරන ලකුණු … ! (VIDEO)

Date:

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය පෙරේදා (18) ආරම්භ විය.

එදිනට අදාළ නඩු කටයුතු අවසන් වීමෙන් අනතුරුව උසාවියෙන් පිටතදී චම්පික රණවක මහතාගේ සමීප හිතවතෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් මෙම නඩුව දේශපාලන හේතූන් මත පැවරූ එකක් යැයි පළමු දවසේදීම ඔප්පු වුණු බව ප්‍රකාශ කරමින් එහි තීන්දුවත් ප්‍රකාශයට පත්කරන ආකාරයක් දක්නට ලැබිණි.

මෙය දුටු විටම අපට සිහියට නැඟුණේ දුමින්ද සිල්වාගේ නඩුවයි. දුමින්ද සිල්වාට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය පනවමින් නිකුත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණු නඩුව විභාගයට ගැනෙද්දී දුමින්ද සිල්වාගේ සහෝදරයාට අයත් හිරු රූපවාහිනී නාලිකාවත් හැසිරුණේ දැන් ශිරාල් ලක්තිලක මහතා හැසිරෙන ආකාරයට මය. හිරු රූපවාහිනී නාලිකාව සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්ම සැලකිය යුතු කාලයක් වෙන්කරමින් තම නාලිකාව තුළ නඩුව විභාග කරමින් පෙන්වා දුන්නේ තම නීතීඥයින් විසින් ඉදිරිපත් කළ සියලුම තර්ක අධිකරණය හමුවේ පිළිගැනුණු බවක් සහ දුමින්ද සිල්වා අනිවාර්යයෙන්ම නිදහස් වන බවකි. එහෙත් නඩුවේ තීන්දුවෙන් දුමින්ද සිල්වාගේ මරණීය දණ්ඩනය ස්ථිර විය.

මේ ආකාරයෙන් අධිකරණයෙහි නඩු විභාගයක් පවතිද්දී ජනමාධ්‍ය හරහා එහි තීන්දු ප්‍රකාශ කිරීමට යෑම නුවණට හුරු ක්‍රියාවක් නොවන බවත් එය වරදක් බවත් ශිරාල් ලක්තිලක වැනි නීතීඥවරයෙකු නොදැන සිටිනවා වන්නට බැරිය. මෙවැනි “උදව්” වලින් අවසානයෙහි සිදුවන්නේ කුමක්දැයි කියාත් ඔහු නොදැන සිටීමට හේතුවක් නැත.

ඒ අනුව ශිරාල් ලක්තිලක මහතා මේ සූදානම් වන්නේ චම්පික රණවක මහතාට “ලොකූ උදව්වක්” කරදෙන්නටදැයි අප දන්නේ නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොමසාරිස්වරිය කළේ බලහත්කාරකමක්.අපි කවදාහරි කොමසාරිස්තුමියව නීතිය ඉදිරියට ගේනවා – මුජිබර් (VIDEO)

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරාපත් කරගැනීමේදී බස්නාහිර...

කිසි විටෙක යටත් නොවන බවට ඉරාන නායකයා ට්‍රම්ප්ට අනතුරු අඟවයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සියලු හිමිකම් ඇවිරිණ මඟින් සියලු හිමිකම් පවරන මොහොත ජූනි 19 දා ලුම්බිණියේදී

නිශ්මං රණසිංහ ජුනි 18, කොළඹ LNW: සංජක ප්‍රසාද් දොලේවත්ත මේ...

කෙහෙළිය, බිරිඳ සහ දියණිය බන්ධනාගාරයට රැගෙන යයි !

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත් අඩංගුවට ගෙන...