සෞඛ්‍ය වෘත්තීය සමිති ආණ්ඩුවට දින 7ක් දෙයි. විසඳුම් නැතිනම් වර්ජනයක් !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැයෙන් පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවාවන්හි සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනා ප්‍රතිශතය කප්පාදු කිරීමක් සිදුව ඇති බවත් මේ අසාධාරණය විසඳීම සඳහා ආණ්ඩුවට දින 07ක කාලයක් ලබාදෙන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

“අපිට විශේෂ අතිකාල රේට් අගයක් ලබාදීලා තිබීමයි, අයවැයෙන් සාමාන්‍යයෙන් පඩි වැඩිවීමයි කියන දෙක ආණ්ඩුව බරපතළ විදියට පටළවාගෙන තියෙනවා. මේ අසාධාරණය ආණ්ඩුව පැත්තෙන් විසඳන්නේ නැතිනම් අපි නලින්ද ජයතිස්ස ඇමතිවරයාට කියනවා අපි දින 07ක කාලයක් දෙන්නම්, කරුණාකරලා මේක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. දින 07කට පස්සේ අපට මේකට උත්තරයක් නැතිනම් අපට වර්ජන ක්‍රියාමාර්ගයකට, සෘජුව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න වෙනවා”

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...