“කොට හුඹහයි කොට මිනිහායි විශ්වාස කරන්න එපා” – ගල් අඟුරු ගැන අහද්දී බලශක්ති ඇමති කියයි

සටහන – රුවන් නෙළුගොල්ල

ගල් අඟුරු වංචාවක් සම්බන්ධයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ සංඛ්‍යා දත්ත වැරදි බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

“මේ යෝජනාව ගත්තාම මට මතක් වුණේ අර “කොට හුඹහයි කොට මිනිහායි විශ්වාස කරන්න එපා” කියනවා වගේ තමයි මේ යෝජනාවම බොරුවක්. මොකද මේකෙ අන්තර්ගතයවත් තේරුමක් නැතිව තමයි ඉදිරිපත් කරලා තියෙන්නෙ. මොකද මේකෙ මුලින්ම තියෙනවා 2025/26 ගල් අඟුරු වාරය සඳහා ලක්විජය බලාගාරයට අවශ්‍ය වෙන මුළු ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 12.32 යි. සාමාන්‍යයෙන් වාර්ෂිකව මේකෙන් පහෙන් එකකටත් වැඩිය තමා ඕනෙ වෙන්නෙ. මේ බොරු මත පදනම් වෙලා, එතනින් තමයි පටන් අරන් තියෙන්නෙ මේක. මං දන්නෑ මේ ප්‍රශ්න ඇයි මේ සභාව නොමග යවන්න උත්සාහ කරන්නෙ කියලා. මේක පිළිගන්න බෑ. තනිකර මූලික අන්තර්ගතයවත් තමන් දන්නෑ කියන එක තමයි ඉදිරිපත් කරලා දැන් මෙතන ඇත්තෙත් නෑ කවුරුවත් අහන්නවත් නෑ. කවුරුහරි දෙන මොනවාහරි කුණු ගොඩක් ගෙනල්ලා මෙතන සභාව නොමග යවනවා”

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...