සටහන:සශිකලා මධුෂාණි
පෙබරවාරි 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍ය රජ පවුලේ චාල්ස් රජුගේ බාල සහෝදරයා සහ අභාවප්‍රාප්ත එලිසබෙත් රැජිනගේ දෙවන පුත්‍රයා වන 65 හැවිරිදි ඇන්ඩෲ කුමරු හෙවත් මවුන්ට්බැටන්-වින්ඩ්සර් ඊයේ(19)දිනයේදී පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුලේ සමස්ත අනාගතයම අවදානමට ලක් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍ය සිංහාසනයේ උරුමක්කාරයා වන වේල්ස් කුමරුගේ චාල්ස්ගේ පළමු බිරිඳ වූ වේල්ස් කුමරිය වන ඩයනා 1997 දී පැරිස් උමගක සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මරණයට පත්වීමත් සමඟ ඇගේ උරුමය රාජකීය පවුලට හා බ්‍රිතාන්‍ය සමාජයට ගැඹුරු බලපෑමක් ඇති කිරීමට සමත් විය.

ඊට හාත්පසින්ම වෙනස් ලෙස එක්සත් ජනපදයේ අපකීර්තියට පත් කුප්‍රකට ලිංගික අපරාධකරුවෙකු හා මූල්‍ය වංචාකරුවකු වූ ජෙෆ්රි එප්ස්ටයින් පිළිබඳ විමර්ශනයකට අදාළ පිටු මිලියන ගණනක ලේඛන නිකුත් කිරීමෙන් පසුව මවුන්ට්බැටන්-වින්ඩ්සර් රාජ්‍ය කාර්යාලයේ විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් හා එක්සත් රාජධානියේ වෙළඳ නියෝජිතයා ලෙස සේවය කරමින් සිටියදී අපකීර්තියට පත් මූල්‍යකරු සමඟ සංවේදී තොරතුරු බෙදා ගත් බවට තොරතුරු විමර්ශනය වීම රජපවුලේ අපකීර්තියට හේතු වී ඇත.

කෙසේ නමුත් මෙම විමර්ශනයන් සම්බන්ධයෙන් iiiවන චාල්ස් රජු පැහැදිලිව ප්‍රකාශ කර තිබුණේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය එහි ක්‍රියාමාර්ගය ගත යුතු බවත්, ඒ වෙනුවෙන් පූර්ණ සහ හෘදයාංගම සහයෝගය ලබා දෙන බවත්, මගේ පවුලේ අය සහ මම ඔබ සැමට අපගේ යුතුකම සහ සේවය දිගටම කරගෙන යන බවත්, තමාගේ බාල සහෝදරයා සම්බන්ධයෙන් වන බැඳීමට වඩා මම රටට මගේ යුතුකම් ඉටුකරන බවත්ය.
ඇන්ඩෲ වටා පැතිර යන චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජුගේ උපක්‍රම ඔහුගේ මියගිය මව වන දෙවන එලිසබෙත් රැජිනගේ උපක්‍රමවලට වඩා වෙනස් ය. ඇන්ඩෲ ඇගේ ප්‍රියතම පුත්‍රයා බව වාර්තා වන අතර, 2021 දී වර්ජිනියා ගුෆ්රේ විසින් ගෙන එන ලද සිවිල් ලිංගික අපයෝජන නඩුව සමථයකට පත් කිරීම සඳහා අභාවප්‍රාප්ත රැජින ඇන්ඩෲට මිලියන ගණනක් ලබා දුන් බව වාර්තා වේ. කෙසේ නමුත්, iiiවන චාල්ස් රජු එප්ස්ටයින් හා සම්බන්ධ බවට තොරතුරු වාර්තා වීමත් සමඟ ඇන්ඩෲ කුමරු “කුමාර” තත්ත්වය ඉවත් කර පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වින්ඩ්සර් රාජකීය වතුයායෙන් නෙරපා හැරීමට පවා කටයුතු කරනු ලැබිය.


