Home විදෙස් ඉරානයට එරෙහි සීමිත මිලිටරි ප්‍රහාරයක් ගැන සලකා බලනවා – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

ඉරානයට එරෙහි සීමිත මිලිටරි ප්‍රහාරයක් ගැන සලකා බලනවා – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: ඉරානයට එරෙහිව සීමිත මිලිටරි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවත්, එමඟින් න්‍යෂ්ටික වැඩසටහන මැඩපැවැත්වීම සඳහා ගිවිසුමකට එළඹීමට එහි නායකයින්ට බලපෑම් කරන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

නිලධාරීන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව යෝජනා කිරීමෙන් පැය කිහිපයකට පසු මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ගිවිසුමකට එළඹෙන්නේද නැතහොත් එක්සත් ජනපදය මිලිටරි ක්‍රියාමාර්ග ගන්නේද යන්න “ඊළඟ, බොහෝ විට, දින 10 – 15 තුළ” තීරණය කරනු ඇති බවයි. ඒ අනුව පසුගිය කාලය තුළ එක්සත් ජනපදය කලාපයේ සිය හමුදා පැවැත්ම වැඩි කරමින් පසුවිය.

ඉරානය සැමවිටම ප්‍රතික්ෂේප කළද ඉරානය න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කිරීම කරා ගමන් කරමින් සිටින බවට එක්සත් ජනපදය සහ එහි යුරෝපීය සගයන් සැක කරමින් පසුවෙයි.

කෙසේවෙතත් එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් ස්විට්සර්ලන්තයේ දී හමුවී මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ අට්‍ර්හ එහි ප්‍රගතියක් ඇති බවද වාර්තා වී තිබුණි.

ඊයේ (20) කතා කරමින් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පැවසුවේ ඉරානය “හැකි ගිවිසුමක කෙටුම්පතක්” සකස් කරමින් සිටින බවත් ඉදිරි දින කිහිපය තුළ එය එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් වෙත භාර දෙන බවත්ය.

තත්ත්වය එසේ පවතින විට එක්සත් ජනපදය ඉරානය දෙසට යුද නැවක් යවා ඇති බව එක්සත් ජනපද ජනාධිපතිවරයා නිරන්තරයෙන් පවසයි. ඇත්ත වශයෙන්ම, යුධ නැවක් යනු භයානක හමුදා දෘඩාංග කැබැල්ලකි,” කමේනිගේ සටහනක එසේ දක්වා තිබුණි.

කෙසේවෙතත් ඇමරිකාව තවමත් ඉරානය සමඟ පැටලිලි සහගත තත්ත්වයක පසුවෙන අතර ගැටලුව නිරාකරණය කරගැනීමට යොමුවීමකට වඩා ජනාධිපති ට්‍රම්ප් සිය බලහත්කාරය පෑමක් සිදුකරමින් තිබෙන බව පෙනෙන්නට ඇත.