විශිෂ්ටයන් දෙදෙනෙකුගේ අනොන්‍ය ගෞරවය

0
4

නිශ්මං රණසිංහ පෙබරවාරි 21, කොළඹ LNW:

ෆිගර් ස්කේටිං යනු රිද්මයානුකූලව හිම මත කෙරෙන ක්‍රීඩාවකි.ඉතාලිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක 2026 මිලානෝ කෝර්ටිනා ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී එහි රන් පදක්කම දිනා ගත්තේ ඇමෙරිකාව නියෝජනය කරන ඉලියා මාලිනින් ය.මේ දුෂ්කර එහෙත් සුන්දර නර්තනානුරූපී ක්‍රීඩාව විඳින්නට ලොව පහළ වූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයෙකු වන සර්බියානු ජාතික ටෙනිස් පුරාවෘත්තයක් සහ ඔලිම්පික් ශූර නොවැක් ජොකොවිච්, ඔහුගේ බිරිඳ ජෙලීනා සමඟ එක්ව සිටියා.


හිම මත කෙරෙන ක්‍රීඩාවන්ට සම්බන්ධ ප්‍රජාව ලෝකයේ හිඟය.ඒ මත කෙරෙන ක්‍රීඩාවන් ඒ නිසාම දුලබය.ඒ ක්‍රීඩා නොකරන අයෙකුට එහි චමත්කාරය වගේම විශ්මය දනවන ක්‍රියාවන් දුලබ වින්දනයන්ය.ඒ නිසාම ඉලියා මාලිනින් ෆිගර් ස්කෝටිං ක්‍රීඩාවෙන් පෑ හරඹ දැක, නොවැක් ජොකොවිච් නැගී සිට අත්පොළසන් දී ඇත.


එතරම් විමතියක්,වින්දනයක් ගෙන දිය හැකි වුව ද,පොළවේ වැඩි දෙනෙකු දන්නේ වැඩි දෙනෙකු කරන ක්‍රීඩාවන්ය.එය ඉලියා මාලිනින් ට ත් අදාළ ය.ඔහු නොවැක් ජොකොවිච් පුදුමයට පත් වූ තරමටම,ඔහු කරන ක්‍රීඩාවට වඩා ලෝකයේ ජනප්‍රිය ටෙනිස් ක්‍රීඩාවේ තරුවක් වන නොවැක් ජොකොවිච් තමන්ගේ ක්‍රීඩාව නැරඹීමට පැමිණිම ගැන උද්දාමයට පත්ව ඇත.


“මම පසුපසට ගිය පසු, ඔහු ඔහුගේ හිස මත අත් තබාගෙන සිටි බව මට ආරංචි වුණා. ඒක ඇදහිය නොහැකි දෙයක්. ඒක ජීවිතේට එක පාරක් ලැබෙන මොහොතක්: ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙක් මගේ දස්කම් නරඹනවා දැකීම. මම සම්පූර්ණයෙන්ම පුදුමයට පත් වුණා.”
මාලනින්ගේ මේ ප්‍රකාශය පැහැදිළි කරන්නේ ලෝකයේ වැඩි දෙනෙකුගේ අවධානයට ලක්වන කෙනෙකුට කෙතරම් ආකර්ශණයක් ඇති බවය.එහෙත් ඔබ ඉලියා මාලනින්ගේ වීඩියෝ පට කිහිපයක් බලන්නේනම් ජාකොවිච් පුදුමවීම ගැන මෙන්ම ඔහු දැඩිව එයට ආශා කිරීම ගැන ඔබ පුදුම නොවනු ඇත.ෆිගර් ස්කේටින් යනු වේගය,නමණියත්වය,සමබරබව මෙන්ම මිනිස් සිරුරේ ලාලිත්‍යයමය චලනයන් හී එකතුවෙන් පෝෂණය වූ රමණීයම ක්‍රීඩාවකි.