රෂිකා හෙන්නායක පෙබරවාරි 21, කොළඹ LNW :
ශ්‍රී ලංකාවේ වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සේවය ඇගයීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගෞරව පදක්කම් පිරිනැමීමේ උත්සවයක් ගිරිතලේදී පවත්වා ඇත.
රජය විසින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩපිළිවෙළ මගින් නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාවය සහ කැපවීම අගය කරන අතරම ඔවුන්ගේ මානසික ශක්තිය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
මෙහිදී තෝරාගත් නිලධාරීන් පිරිසකට ඔවුන්ගේ පළපුරුද්ද සහ අධ්‍යාපනික සුදුසුකම් මත පදනම්ව රන්, රීදී සහ ලෝකඩ පදක්කම් පිරිනමා තිබේ.
පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම උදෙසා වනජීවී දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම සහ අලි වැට නඩත්තුව සඳහා ස්ථිර සේවකයින් බඳවා ගැනීම ද රජය විසින් සිදු කර ඇත.
වනජීවී සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් කෙටි සහ දිගුකාලීන සැලසුම් රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මෙමගින් අවධාරණය කෙරේ.
සේවා විනය සහ ක්ෂේත්‍රයේ දක්ෂතාවය අනාගතයේදී ද මෙවැනි ඇගයීම් සඳහා ප්‍රධාන නිර්ණායක ලෙස සලකා බලනු ඇත.




