දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ රැසකට නායයෑමේ රතු නිවේදන – ජනතාවට ඉවත් වන්නැයි දැනුම් දීමක් !

0
4

පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

ඒ අනුව,

මහනුවර දිස්ත්‍රික්කය:

  • යටිනුවර
  • ⁠දොළුව
  • ⁠උඩුදුමබර
  • ⁠ගඟ ඉහල කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • අරණායක
  • ⁠යටියන්තොට
  • ⁠මාවනැල්ල
  • ⁠දෙහිඕවිට
  • ⁠කෑගල්ල

මාතලේ දිස්ත්‍රික්කය:

  • උකුවෙල
  • ⁠රත්තොට
  • ⁠අඹන්ගඟ කෝරලේ
  • ⁠ලග්ගල පල්ලේගම
  • ⁠විල්ගමුව

රත්නපුර දිස්ත්‍රික්කය:

  • රත්නපුර

යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ත්‍රීව්‍ර බෑවුම් සහිත ප්‍රදේශවල නායෑම් ඇතිවිය හැකි බැවින් එවන් ප්‍රදේශවල සිටින ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙසයි එම සංවිධානය දැනුම් දී ඇත්තේ.

තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනකට ද අදියර එක සහ අදියර දෙක මට්ටමේ අනතුරු හැඟවීම් නිකුත් කර ඇති අතර එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.