*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

තමන්ට වැසුණු දොර ඊළඟ පරපුරට විවර කරන්න හදන විග්නේෂ්වරන්

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය සිඳු වූ අප්‍රේල් 8 වන දා අමතක කළ නොහැකි දිනයකි.ඒ එම සිදුවීම වූ මැරතන් තරගයේ නිවේදකයා හැටියට කටයුතු කළේ මේ ලියුම්කරු වූ බැවිනි.එම දිනය හා සබැඳි අලුත්ම සතුටත් දුකත් මුසු අලුත් පිටුවක් අද පෙරැළිණ.එ එම සිදුවීම නිසා අතිශයින් දරුණු විදිහට අපහාස විදි පරමසිවමී විග්නේෂ්වරන් ඒ නිසාම තමන් රැකියාව කළ යුද හමුදාව හැර ගියේය.ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහු මැරතන් ඉසව්වට ද සමු දුන්නේය.
මූ මෙඩල් ගේන්න හිටිය කොල්ලෙක්.අපරාධෙ…


බ්‍රිගේඩියර් පැරි ලියනගේ ජිවිතයෙන් සමුගෙන යන්න පෙර හමු වූ හැම මොහොතකම වාගේ මිමිණුවේය.ඒ ඔහු සමුගන්නා මොහොත වන විට විග්නේෂ්වරන් ඔප වැටෙමින් සිටියේ බ්‍රිගේඩියර්වරයා යටතේ වීම නිසාය.එස්.පී විතාන යටතේ ධාවනයට පිවිසි විග්නේෂ්වරන පසුකලෙක උපුල් ලියනගේ සමඟද එක්ව සිය ධාවනය මුවහත් කර ගන්නට තැතනුවේය.
ඒත් එකම රටක ඒ රට නියෝජනය කරන්නට රැක ගත යුතු දක්ෂ දුර ධාවකයෙක් ය කියන හැඟීම වෙනුවට බොහෝ දෙනෙක් විග්නේෂ්වරම් දිහා බලන්නට වූයේ දෙමළ වීම නිසා ත්‍රස්තයෙක් ලෙසය.ඔහු සම්බන්ධයෙන් ඇස්වල මතුවන සැකය මෙන්ම යාන්තමට මුමුණන සැක සහිත වදන් ද මාධ්‍ය කිසිඳු වග විභාගයකින් තොරව විග්නේෂ්වරම් එල්ටීටීඊ කරපු නිසාය.එල්ටීටිඊ කරන්නට හේතුව ඔහු දෙමළෙක් වීම නිසාය.දෙමළ මිනිසා උථුරේ පමණක් නොව සුළු ජාතිකයෙක් හැටියට දකුණෙත් තැලෙන අවම පහසුකම් ලබන පුරවැසියන් ය යන කාරණාව අද ද සමහර මහා ජාතිය සේ සැළකෙන වර්ගයේ උන්ට අභිමානයක්ය.සතුටක්ය.උන් මිනිස්සු වෙන තාක් මේ බෙදීම සහ කාලකණ්නි වෙනස්කම් එසේම පවතිනු ඇත.


මා එවකට සිටියේ ලක්බිම පුවත්පතේය.එහිදී මා එහි සිට පැමිණ කියූ දේ පවා ඇතැමෙක් විශ්වාසය නොගෙන පොලිසිය පැවසූ වදන් ඔස්සේ වාර්තා කරන්නට උත්සාහ කරන විට පොලිස්කාරයෙකුගේම දරුවෙක් වූ ක්‍රීඩා සංස්කාරක රන්ජන් පරණවිතාන මාව දැඩීව විශ්වාස කළේය.ඒ වන විටත් දැනුත් බොහෝ පොලිස් ලොක්කන්ට කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ දි පොලිස් ජීවිතයේ ආරම්භයේදි ගුරුවරයෙක් වි ඇත්තේ රන්ජන්ගේ පියා ය.එහෙත් රන්ජන් පරණවිතාන කියන පත්තරකාරයා අමු පත්තරකාරයෙක් විදිහට සිටියා මිස ඒ මොහොතේ තමන්ගේ ජිවතය ඈදුණ තැන් සංතර්පනය කරන්නට උත්සාහ නොගත්තාය.ඒ නිසාම ප්‍රවෘත්ති කතෘවරයා වූ මිත්‍ර සම්පත් දේශප්‍රිය මෙන්ම ජටිල වැල්බඩ කතුවරයා ද වැලිවේරියෙන් එන ක්‍රීඩාමය වශයෙන් සම්බන්ධ පුවත් මා සමඟ සාකච්ඡා කළේය.ඉරිදා ලක්බිමට මට මතකය නිවැරදිනම් තිස්ස ප්‍රේමසිරි සහ සුන්දර නිහතමානි යන දෙපළ මගෙන් තොරතුරු ගෙන විග්නේෂ්වරම් ගැන ලියන්නට පවරා තිබුණේ හර්ෂා ට ය.


ඒ මොහොතේ සැබෑ මිනිමරුවා සොයනු වෙනුවට මාධ්‍ය මිත්‍රයෙක් වූ තරංග වික්‍රමාධාර සහ විග්නේෂ්වරම් හරහා සරලව වැඩේ විසඳන්නට හැදූ බොහෝ අය වූහ.එවකට වැලිවේරිය ස්ථානාධිපතිවරයා මාධ්‍යයට ප්‍රකාශ කරේ ක්‍රීඩකයෙක් ගෙනෙන්නට ඉඩ ඇති බවට සැක කරන බවත් දෙමළ ක්‍රීඩකයෙක් මැරතන් තරගයට සහභාගි වි ඇති බවත්ය.එය කෙතරම් බරපතල ප්‍රකාශයක්ද යන්න ඒ මොහොතේ කිසිවෙක් නොසිතුවද මා ඔහුගෙන ඇසුවේ මියගිය අමාත්‍යවරයාගේ සිරුර ක්‍රීඩකයන් සිටි පැත්තට විසිවන්නටනම් පිඩනය එල්ල විය යුත්තේ ප්‍රති විරුද්ධ දිශාවෙන් නේද යනුවෙන්ය.


ඔහු නිරුත්තරව එතැනින් නික්ම ගියත් එහි සිටි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මා ඇසූ පැනය ගැන මදක් හෝ නොතකා සිය පුවත්පත්වලට වාර්තා කර තිබුණේ තරගයට සහභාගි වූ ධාවකයා සැක බවය.එසේම ඔහු එහි නොසිටි බව කීවත් ඔහු එහි නොසිටියේ සිය සහෝදර ක්‍රීඩකයින් රෝහල් ගත කරන්නට ගෙන ගොස් තිබූ නිසා බවත්,ඔහු හවස් යාමයේ මුලම කදවුර වෙත ද වාර්තා කර තිබූ බවත් අප ලියා තැබුවේ බ්‍රිගේඩියර් පැරි හරහා තොරතුරු සනාත කර ගනිමින්ය.
අද ඒ විග්නේෂ්වරන් පුහුණුකරුවෙක් ලෙස මතුව ජාතික මට්ටමෙන් සිය ක්‍රීඩකයන්ව ජයග්‍රහණය කිරිම අරඹන්නේය.විග්නේස්වරන්ට ක්‍රීඩකයෙක්ව සපත කිරිමට නොහැකි වූ ජයග්‍රහණ අද තව පරපුරකට බෙදා දෙමින් සිටින්නේය.


“රටට අපිට ගේන්න බැරි වුණ පදක්කම් ගේන්න පුළුවන් විදිහට අපි මේ ළමයි හදනවා.”
විග්නේෂ්වරම් අපි කියා කියන්නේ ඔහු ගැන සහ නාගලිංගම් සුභාෂිණී ගැනය.නාගලිගම් සුභාෂීණි අද ජයග්‍රහණය ලැබූ රජවැල්ල හින්දු ජාතික පාසලේ ක්‍රීඩිකාවගේ පුහුණුකාරිය ය.ඇය යටතේ පුහුණුව ලබන එන්.අභිනයා ජයග්‍රහණය කළේ මීටර් 3000 ඉසව්වෙන්ය.එදා වේල සරි කර ගන්නට අතට අසුවන දෙයක් කර අභිනයා සහ පවුල රකින තාත්තාගෙන් යාන්තමට කුස පුරවා ගත්තත් දුවන්නට අවශ්‍යය සේ පය පුරවා ගන්නට අවශ්‍යය පාවහන් ඇයට දුරය.


යාන්තමට ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා සපත්තු අරගෙන දුන්නා.මගෙ දිනපු ළමයගෙ තාත්තාත් කුලීවැඩ කරන්නෙ.ස්පයික්ස් නැතත් ඉතිං ආදි ශිෂ්‍යයෝ මැදිහත් වෙලා දුවන්න දාන්න සපත්තු දෙකක් එයාටත් අරගෙන දුන්නා.ාමාහ ආදි ශිෂ්‍ය කට්ටියයි ස්කොලේ හැමෝමමයි හොඳයි.ඒ නිසා ප්‍රශ්න නැහැ.
විග්නේෂ්වරම් කියන එයා එච්.අභිනේෂ් ය.ඔහු දිනන්නේ ද මීටර් 3000 ඉසව්වය.එයට රජවැල්ල නියෝජනය කරමින් එක් වූ ආර්.විදූෂණ් තරගය සිව්වැන්නා සේ හමාර කිරිමත් අපූරුය.ඔහු ට අනෙක් දෙදෙනාට වඩා හොඳ ආර්ථිකයක් ඇති බව කීමට හේතුව විග්නේෂ්වරන් විස්තර කරන්නේ එයලගෙ තාත්තා ඔය යකඩ,පත්තර වගෙ දේවල් එකතු කරන ව්‍යාපාරයකට සම්බන්ධයි යනුවෙන්ය.
රංගල වත්තෙන් පාසලට බසින සීමිත පිරිසක් හිටියත් රජවැල්ල හින්දු විද්‍යාලය වතු කම්කරුවන්ගේ දරුවන් පමණක් අධ්‍යාපනය ලන වතුකරයේ පාසලක් නොවේය.


තව ඉතිං දෙමළෙන් ඉගෙන ගන්න මේ අවට ඉන්න අය එනවා.
රජවැල්ල යනු මිශ්‍ර ජාතින් වෙසෙන තැනක්ය.ඔවුන්ට ඇති හොඳම වාසිය දිගන ක්‍රීඩා සංකීරණය අල්ලපු වැටේ තිබිමය.හින්දු ජාතික පාසල ක්‍රීඩාවට විශේෂ වූ ක්‍රීඩා ජාතික පාසලක් වේනම් තවත් නුවර අවට ක්‍රීඩාවට දක්ෂ අතර මැද පාසල් හැර යන වතුකරයේ දෙමළ දරුවන්ට ද අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබා මෙහි එන්නට හැකිය.එය අපට ජීවිතයේ පාසල් වයසේ දකින්නට නොලැබෙන වතුකරයේ ද්‍රවිඩ දරුවන්ගේ ක්‍රීඩා දස්කම් දකින්නට හොඳ පිටුවහලක් වනු ඇත.අවශ්‍යය ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් පාසලට බද්ධ කිරිමය.
හොඳ ආදි ශිෂ්‍යයො ටිකක් ඉන්නවා.ලොකු සල්ලිකාරයො නෙමෙයි.ඒ වුණාට දරුවන්ට ස්කෝලෙට ආදරෙයි.
විග්නේෂ්වරන් පවසන්නේය.
ඒ වගෙම තමයි මම දැන් ඉන්නෙ ජාතික ශිෂ්‍ය භට බලකායේ.ඒකෙ සර්ලා මට මේ දරුවන්ව ට්‍රේනිං කරගෙන ඉස්සරහට අරගෙන යන්න ලොකු සහයෝගයක් දෙනවා.ඒ වගෙම සුසන්ත ප්‍රනාන්දු සර් දෙන උපදෙස් අපි දෙන්නටම වැදගත්.


විග්නේෂ්වරන් පළමු අවස්ථාවේම සිය පුහුණුකරු ශක්‍යතාවය මුදා හැර ඇත්තේ ප්‍රථම ස්ථානයකින්ය.හෙට ඔහු වඩාත් බලාපොරොත්තු තබා තිබෙන දිනයය.
මීටර් 2000 බාධක දිවිමට තියෙන්නේ ආසියානු පදක්කමක් ගන්න පුළුවන් ටයිමින් එකක්.මගේ ළමයා බොහෝ වෙලාවට ඊට හොඳට දුවයි.
විග්නේෂ්වරන් කියන්නේ තව දුරටත් ඔහු ගැනත් ඔහු හදන පරපුර ගැනත් ලියන්නට ඉඩ තබා ගන්නා ලෙසය.
“ඔයාල හිටියෙ නැත්නම් මේ මොකවත් නැහැ.සමහර විට තාමත් ඇතුළෙ.”
විග්නේෂ්වරන්ගේ වචන මතක් කරන්නේ තවමත් දෙමළවීම නිසා සිරබත් විඳින පිරිසගේ වේදනාත්මක කතාවන්ය.චෝදනාත් නැති සැකය විසින් ජාතියක් ජාතියකට එරෙහිවීමේ කතාව රාජ්‍යතාන්ත්‍රික ප්‍රධාන බසෙන් පැන නැඟ එන්නේය.ඒ නිසා විග්නේෂ්වරන් බේරා ගත්තා යැයි සිතන්නට නොහැකිය.ඔවුන් සිරකර ජාතියේ නියෝජනයක් වීම නිසා නැඟෙන සිත් තැවුල ඊට වඩා ප්‍රබලය.
කෙසේ වුව ද එදා දුවපං විග්නේෂ්වරම් කියා ලියූ වැකිය වෙනස් කර අද විග්නේෂ්වරන් ගැන ලියන වැකිය දුවවපං විග්නේෂ්වරන් යනු ය.
ජයවේවා මිත්‍රයා උඹේ හැකියාවට වගේම සිතුවිලිවලට.අලුත් පරම්පරාවක ජයග්‍රහණවල පීතෘත්වය සමඟ අපි ඉදරියට යමු!

ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ විග්නේෂ්වරම් සහ සුභාෂිනී සමඟ රජවැල්ල හින්දු විද්‍යාලයේ ක්‍රීඩකයින් වන අභිනේෂ් (3065),විදූෂන් (3072) සහ ක්‍රීඩිකා අභින්‍යා ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan