බදු සහන නොදුන්නොත් ඩීසල් 52කින් වැඩිවෙයි, දුන්නත් පොඩි ගාණකින් වැඩිවෙයි – ගම්මන්පිල (VIDEO)

Date:

ඉන්ධන සඳහා බදු සහන ලබාදුනහොත් ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිශතය අවම කරගත හැකි වනු ඇති බවත් බදු සහනත් නොදී ඉන්ධන මිල වැඩිකිරීමකුත් සිදු නොකළහොත් රටට ඉන්ධන ගෙන්වීම නතරකිරීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“ඉන්ධන සඳහා බදු සහන ලබාදෙන්න කියලා මම ඒ ලිපිය මුදල් ඇමතිතුමාට යැව්වෙ සිකුරාදා. එතුමා එතුමාගෙ නිලධාරීන් එක්ක වාඩිවෙලා, සාකච්ඡා කරලා, කොහොමද මේක කරන්නෙ කියලා තීන්දු කරලා, දැනුම් දෙන්න යම් කාලයක් ගතවේවි. එක්කෝ රටට තෙල් ගේන එක නතර කරන්න වෙනවා, මේ බදු නිදහස් කිරීම කළේ නැත්නම් අනිවාර්යයෙන්ම ඒ අඩුපාඩුවත් ජනතාව මත ම පටවන්න වෙනවා. ඒ සිදුවීම වළක්වා ගතහැකි එකම ක්‍රමය තෙල් මත තිබෙන බදු ඉවත්කිරීම පමණමයි.

බදු සහන ලබා දුන්නොත් ඉන්ධන මිල වැඩිකිරීම ඉතා පොඩි ප්‍රමාණෙකින් පමණක් කරන්න පුළුවන්. ඒ බදු සහනය නොලැබුණොත් අපට සිද්ධ වෙනවා ඩීසල් ලීටරයක් රුපියල් 52කින්, පෙට්‍රල් ලීටරයක් රුපියල් 19කින් ඉහළ දාන්න. ඔය දෙනෙක් එකක්වත් නොවුණොත් තෙල් ගේන්න සල්ලි නැතිවෙන බව නම් මට ඉතාම විශ්වාසයෙන් කියන්න පුළුවන්. දිනපතා පැයක් එකහමාරක් විදුලිය කපන්න සිද්ධවෙනවා කිව්ව මට බැන්නා, දැන් දැනුම් දීමකින් තොරවම විදුලිය කඩාවැටීම් සිදුවෙනවා”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...