*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

වැඩ කරන රටක් බිහිකරමු

දිවයිනේ පාලාත් 07 ක පාළම් 66 ක් පිලිසකර කෙරේ. කුවේට් රජය ඒ සඳහා මූල්‍යාධාර සපයයි. වසර තුනක් (03) තුළ එම සියලු පාලම් පිලිසකර කිරීම රජයේ ඉලක්කයයි.

ජාතික මාර්ග වල ඇති පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදි කෙරේ. පටු පාලම් පුලුල් කර පිලිසකර කරනු ඇත. ප්‍රවාහන අමාත්‍යවරයා පවසන්නේ ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා අවස්ථා හමුවේ වුවද රට පුරා මාර්ග ජාලයෙන් බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකරන බවයි. ඒසඳහා අවශ්‍ය ලේඛන දැනටමත් සකස් කර අවසන්ව ඇත. අදියර කීපයක් යටතේ එම පාලම් ඉදි කෙරේ.
මෙරට ඉස්සන් වගාව වැඩි දියුණු කෙරේ. ඒ සඳහා ඉස්සන් වගා මඩ පොකුණු 2,000 ක් සංවර්ධනය කිරීමට ධීවර අමාත්‍යාංශය සලසුම් කරයි.
ඉස්සන් වගා කරුවන්ට සහ අපනයන කර්මාන්තශාලා පහසුකමද වර්ධනය කිරීමට නියමතයි.
ඉදිරි සිව් වසර තුළ ඉස්සන් අපනයනය පුලුල් කිරීම අපේක්ෂාව වේ. ඉන් ඩොලර් කෝටි 55 ක ආදායමක් උපයා ගැනීම අපේක්ෂාව බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

කුඩා තේ වතු හිමියන්ට ඍජු ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කරයි .ඊට මේ වසර තුළ වැය කෙරෙන මුදල රුපියල් කෝටි 400 කි.

ඉන් කුඩා තේ වතු හිමියන් 154,000 කට ඍජු ප්‍රතිලාභ ලබාදීමට අපේක්ෂිතයි.

අනුරාධපුර නගරයේ ඉදිකිරීම් අවසන් කල ව්‍යාපෘති 03ක් විවෘත කෙරේ. නාගරික සංවර්ධන අධිකාරිය ඊට මුල් විය. කුඩා ව්‍යාපාර සඳහා නව වෙළඳ කුටි 85 කින් යුතු ගොඩනැගිලි සංකීර්ණයක් ද , වාහන 450 ක් ගාල් කල හැකි ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර රථගාලද ඒ අතර වේ.

දිස්ත්‍රික්කය රුපියල් මිලියන 1,170 ක් ආයෝජනය කරමින් තවත් දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.

අලුතින් පිලිසකර කල අනුරාධපුර සමාධි පිළිමය විවෘත කිරීම ද සිදු විය.

ගෙවී ගිය වසර දෙක පුරාවට රජය විශාල සංවර්ධන කටයුතු රාශියක් කර ඇති අතර ඉදිරියට ද කෙරෙමින් පවතී.

ඇතැම් අයට මෙය ප්‍රශ්නයකි. රටේ ජනතාවට ආහාර ගැනීමට වත් මුදල් නොමැති අවස්ථාවේ රට සංවර්ධන කිරීම අනුවන කමක් ලෙස ඔවුන් දකියි.

නමුත් මෙසේ පවසන පිරිස ආර්ථික විද්‍යාව ගැන නොව සාමාන්‍ය දැනීමක්වත් නොමැති බව පෙනේ. මන්ද රජයේ මුදල් සහනාධාර ලෙස බෙදීමේ ප්‍රථිපලයට වඩා එම මුදල් රටේම වැඩකරන ජනතාවට වැටුපක් ලෙස ලබාදෙන ක්‍රියාදාමයන් ලෙස රටේ සංවර්ධන කටයුතු හඳුන්වා දිය හැක. රටේ සංවර්ධන කටයුතු සඳහා භාවිතා වන්නේද රටේම ශ්‍රම දායකත්වය බව සංවර්ධනයට අකමැති පිරිස නොදනී.

ආර්ථික න්‍යායික උපාය මාර්ග නොදන්නා පිරිසට රටක් කල නොහැක. වත්මන් රජය යනු ඊට සුදුසුම රජයයි.

වැඩ කරන ජනතාව ලෙස වැඩ කරන රටක් බිහි කරමු…!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan