*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

රට කොයිබටද?

පසුගිය දෙවසර තුල මහත්වූ කලබගෑනීවලට මුහුන දීමට රජයටත් ජනතාවටත් සිදුවිය….

කොතර​ම් අපහසුතා ආවද ජනතාව රජය සමග එකට හිටගත් අතර කොවිඩි වසංගතය අඩපන කිරීමට අති විශාල දායකත්වයක් දැක්වීය.

ඒ අතරම විපක්ෂයේ බලවෙග ඉතාමත් දුෂ්ඨ ආකල්පයකින් කටයුතු කලබවත් අපි දනිමු.වසංගතය පවතින විට දිනකට 200 මියයනු ඇතිබවත් 30000 ක් පමන ආසාධනය වන බවක් අගමිපොඩි කියන විට, මෙත්තිකා සාගතයක් එන එක වැලැක්විය නොහැකි බවට බරපතල ප්‍රකාශයක්ද කලාය. එසේම ඇය කොවිඩි භූගත ජලයට එකතුවන බවටද ගැටළුකාරී ප්‍රකාශයක්ද කලාය. මෙවැනි සාධනීය නොවන අප්‍රබංශ මොවුන් කරන්නේ රජය අපහසුතාවකයට පත්කිරීමට බව අපට සිතෙන්නේ කල්ගතවූ පසුවය. ඒවනවිට අශ්වයා පැන ගොස්ය. මෙම දෙවසර තුල නැගුන සමහර අප්‍රබංශ ගැන විපරමි කර බලමු…

1)රට බංකොලොත් වෙනවා පුළුවන් අය රට හැර යන්න…..

2)සාගතයක් කන්න බොන්න නැතිවෙනවා..

3)අසමත් රාජ්‍යයක්. ලෝකයේ අනෙක් රටවල් පිලි ගන්නේ නැහැ…

4)ජනවාරිය වෙනකමිවත් මෙි රජය ගෙනයන්න බැහැ.

5)ඩොලරය 300 ක්.. වෙනවා..

6) 2023 වන තෙක්ම එන්නතක් රටට ගේන්න බැහැ.

7) ජන 18 දා ණය ගෙවාගන්න බැරිව රජය වැටෙනවා. මෙ වසරේ ඩො බි. 6.9 ගෙවාගන්න බැහැ.නය ගෙවීමට බැරි රටක් වෙනවා..

9 ) පාර්ලිමෙන්තුවට මුවාවී කට උල් කරලා හඬ විතරයි වැඩ බැරි අය මොන තරමි පටිටපල් බොරැ කියනවද කියන එකත් දැන්නමි ජනතාවට පැහැදිලිය.. මෙලෙස ඍණාත්මක ප්‍රකාශයන් කොතරමි කලාද? තවමත් කරනවාද? ඇත්තටම ජනතාවට දැඩි අපහසුතා ඇතිවුනා.තවමත් සිදුවෙකවා,ඒත් රජය හැකි උපරිමයෙන් කටයුතු කරනු දුටු විපක්ෂය නොකඩවා වර්ජන,තර්ජන සහ විරෝධතා ඇති කලේ රජය අපහසුතාවයට පත් කරන්නමයි. එහෙත් ජනතාව ඒවා විඳ දරාගනිමින් ඉදිරියටම ගියා. කෘෂි ක්ෂේත්‍රය බලවත් කැලඹීමකට ලක්වුනේ නීරෝගී ජනතාවක් අරමුණු කරගෙන කාබනික වගාව හදිසියේම ආරම්බ කිරීම නිසයි.

හරි හෝ වැරදි හෝ ජාතික වැඩ පිලිවෙලක් නිසාත් වස විෂ නොමැති නිසාත්, මෙම කාබනික ගොවිතැන බොහෝ තන්හී සාර්ථක වුනා. මෙය කඩාකප්පල් කිරීමට විපක්ෂය වස විෂ නැවතත් ඉල්ලා විශාල විරෝධතාවයන් පල කලා… දැන් ඔවුන් මුඛ පූටිටුවී සිටිනවා අතරමැදියාට නොගොස් විශාල ආදායමක් මෙි කාබනික ගොවිතැනින් ගොවියාට ලැබෙමින් පවතිනවා. පවතින අඩුපාඩු ඊළග කන්නයේදී මඟ හරවාගැනීමට රජය සූදානමි. ​රු.91 ට ගන්නා වී ජනතාවට පරිභෝජනයට දෙන්නේ විශේෂ සහන මිලකට… .

සිදුවන පාඩුව රජය දරාගනු ඇත…රජය දැන් සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කරයි එය වසර තුනකින් නිම විය යුතුය. එතෙක් මැතිවරණ නොපැවැත්වෙනු ඇත. සතොස වැනි රාජ්‍ය ආයතන වල සිදුවන අක්‍රමිකතා, රාජ්‍ය සේවයේ පැතිරී ඇති වංචා දූෂන හා අකාර්යක්ෂමතාවය මෙම ගමනට ඉමහත් බාධාවක්..

මෙම තත්වයන් කළමනාකරනය කරගෙන රජය 2025 දී ජනතාව අභියසට පැමිනෙනු ඇත..පරාක්‍රම බස්නායක..

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan