*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

පිළිකා රෝග නිට්ටාවට සුව කරනවායැයි කියන තක්කඩියන්ට ඔබේ ආදරණීයයන්ගේ ජීවිත ගොදුරු කරනු එපා !

මම අපේක්ෂා රෝහලේ සේවය කරන නිසා පිළිකා රෝග වැළඳුණු අයගේ පවුල්වල හා රැකබලා රැකබලාගන්නන්ගේ දුක් ගැන විලිවලට නිතර සවන් දෙන්න සිදුවෙනවා.

එයින් බොහෝ අය රජයේ රෝහල්වලට පැමිණ පිළිකා සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පටන් ගත්ත අය. විවිධ හේතූන් නිසා රජයේ රෝහල්වල ප්‍රතිකාර අත්හැරමින් නිට්ටාවට සුව කර දෙනවයි පවසන දහ අතේ පොරොන්දු දෙන තක්කඩින්ට අහුවෙච්ච අය. විශේෂයෙන්ම දෙමාපියන් ගේ කතා ඉතාමත් ශෝචනීයයි.

ළමයින්ගේ පිළිකාවට ප්‍රතිකාර කරන්න දැන් මහරගම රෝහලේ දක්ෂ ළමා පිළිකා විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ඇතුළු මනා පුහුණුවලත් කාර්ය ශූර වෛද්‍ය, හෙද, ඖෂධවේදි, විකිරණ ශිල්පී හා සෞඛ්‍ය සහායක සේවා ලබා දෙන්න තරම් වාසනාවන්ත වී තිබෙනවා.

ප්‍රතිකාර ලබන දරුවන්ට හා දෙමව්පියන්ට අවශ්‍ය සහායක සේවා සපයන ආයතන කිහිපයක් අපේක්ෂා රෝහල තුළත් ඉන් පිටතත් පිහිටා තිබෙනවා.

ඒවාගේම ප්‍රතිකාර ලබන දරුවන්ට රෝගී තත්ත්වයන් නිසා සිදුවන සංකූලතා වන් වැළැක්වීමට රෝහල් කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් කැපවී ක්‍රියා ක්‍රියාකරමින් සිටි.

පිළිකා රෝගයට ප්‍රතිකාර කිරීමට අමතරව එයින් පෙළෙන වේදනාවන්ට ප්‍රතිකාර කිරීමට ,නිසි පෝෂණ තත්ත්වයන් පවත්වා ගැනීමට,දරුවන් හා දෙමාපියන් ඇතුළු රැකවලුන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරමින් සහායක සේවා සපයමින් ඒ අය සව් බලගැන්වීමට ක්‍රියාකරන සේවාවන් රාශියක් රෝහල තුළින් ලබා දෙනු ලැබේ.

එහෙත් ඒ දෙමව්පියන් සමාජයේ විවිධ අයගේ බලපෑම්වලට ගොදුරු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමහර මාධ්‍යවල මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම් වලට ඒ අය පහසුවෙන් ගොදුරු වෙනවා.

සෞඛ්‍ය සේවකයන් වශයෙන් වගකීම් සහගත පුරවැසියන් වශයෙන් මෙවැනි විජ්ජාකාරයන්, තක්කඩින් හමුවට යනවා වෙනුවට රජයේ රෝහල්වල ඇති පිළිකා රෝග විශේෂඥ වෙත යොමුවෙන ලෙස ඔබගේ ආදරණීයන්ට මග පෙන්වන මෙන් ඉල්ලා සිටිමි. ඔබ හැමගේ ජීවිත රැක ගැනීම අපගේ වගකීමකි.

රටේ සෑම ප්‍රදේශයකම හතු පිපෙන්නාක් වැනි මෙවැනි වංචාකාරී පුද්ගලයන්ගේ ඉච්ඡා බස්වලට රැවටී දේපොළ ගහකොළ හරකා බාන නැති නාස්ති කොටගෙන අන්ත දුගී භාවයට වැටී තම පවුල්වල සාමාජිකයන්ගේ වටිනා ජීවිත විනාශ කර ගත් දහසක් දෙනා අප අතර සිටී.

අප පරීක්ෂාකාරී වීමෙන් බොහෝ පිළිකා වැළඳීමට පෙර පූර්ව පිළිකා තත්ත්වයේදී හඳුනාගත හැක. විශේෂයෙන්ම මුඛ පිළිකා, පියවරු පිලිකා,ගැබ් ගෙල පිළිකා බඩවැල් පිළිකා මේ අතර මූලික තැනක් ගනියි. මෙම අවස්ථාවේදී හඳුනාගතහොත් පිළිකා තත්ත්වයට පත් නොවී ඔබට කටයුතු කිරීමට අවස්ථාව ලැබේ.

බහුතරයක් පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගතහොත් සම්පූර්ණයෙන් සුව කිරීමට හැකියාව ඇත.

අතරමැදි අවස්ථාවේදී හඳුනාගන්නා පිළිකාත් සුව කිරීමට හැකි අතර නැතහොත් සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකියාව ඇත.

පැතිරුණු තත්ත්වයෙන් පෙළෙන පිළිකා පවා මර්ධනය කළ හැකි ප්‍රතිකාර දැන් තිබෙන අතර ඒ අයගේ සංකූලතාවයන් අවම කර ගනිමින් වේදනාවෙන් තොරව යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගැනීමට බොහෝවිට අවස්ථාව ඇත.

~ මනෝ වෛද්‍ය කේ.වී.එන්. රන්ජන්
උපදේශන හා මනෝ සමාජීය ආධ්‍යාත්මික සවිබල ගැන්වීමේ ඒකකය, අපේක්ෂා රෝහල – මහරගම

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan