කොළඹ නගර සභා ඉතිහාසයට අලුත් පිටුවක්!

Date:

කොළඹ LNW:කොළඹ නගර සභාවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස වෛද්‍ය ගීතිකා රත්නවර්ධන මහත්මිය පත්ව තිබේ.

කොළඹ නගර සභාවේ1902 පිහිටුවනු ලැබූ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රථම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය (CMOH) ලෙස එහි නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ලෙස සේවය කළ වෛද්‍ය ශාන්ති ගීතිකා රත්නවර්ධන මහත්මිය පසුගියදා (19) පත්වූවාය.

ඇය කොළඹ මහ නගර සභාවේ 13 වන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාය.

1991 කොළඹ මහ නගර සභාවේ සේවයට එක් වූ වෛද්‍ය රත්නවර්ධන මහත්මිය 2000 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියක ලෙසත් 2014 දී නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලෙසත් පත් වී වසර තිස්තුනක් (33) කොළඹ මහ නගර සභාවේ සේවය කර ඇත.

ඇය කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

කොළඹ හේලිස් සමාගමේ ව්‍යාපෘති උපදේශක ජයන්ත ගුරුගේ මහතා ඇයගේ සැමියාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...

‘මර්දනය ඇති’: Kais Saied ට එරෙහිව ටියුනීසියානුවන් දහස් ගණනක් විරෝධතා දක්වයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජනාධිපතිවරයාගේ විසම්මුතියට එරෙහි...

රැල්ල හැරිලා ඉවරයි

විපක්ෂයේ පළමු විරෝධයම අති සාර්ථකයි. මම වුණත් මුලින් හිතුවේ...

ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් 24 දෙනෙකු ඝාතනය වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා විසින්...