*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

නඩත්තු කටයුතුත් පස්සට දාලා – ලංවිමෙන් දැනෙන වෙනසක්!

කොළඹ LNW:ජනතාවට දැනෙන ලෙස විදුලි බිල අඩුකිරීම සදහා වන යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසම වෙත හෙට දිනයට පෙර ලබාදෙන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.

මේ වසරේ සිදුකිරීමට තිබූ නඩත්තු කටයුතු පවා කල් දමමින් ජනතාවට මෙම සහනය ලබාදීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති බවයි නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කළේ.

විදුල් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියාසිටියේ. .

”බලාපොරොත්තු නොවූ විදිහට නොවැම්බර්,දෙසැම්බර් වර්ෂාව ලැබුණා. ඒ වාසිය ජනතාවට ලබාදෙන්න කල්පනා කළේ. අපි අතින් මග ඇරුන නඩත්තු කිහිපයක් තිබුණා. ඒ නඩත්තු සියල්ල අපි එකතුකරලා තිබුණේ. මහජන උපයෝගීතා කොමිසම ඇහුවා තව අඩුකරන්න පුලුවන්ද කියලා. අමාත්‍යතුමාත් කතාකරලා අපේ සමහර නඩත්තු කල් දාලා සමහර වියදම් කිහිපයක් අඩු කළා.ජනතාවත් ඉල්ලුවා අඩුකරන්න කියලා.දුවන්න පුලුවන් විදිහට පමණක් නඩත්තු කරගෙන යන්න තීරණය කළා. මේකේ අවධානමකුත් තියෙනවා.”

කෙසේවෙතත් තවමත අඩු කරන ප්‍රමාණය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි අතර එම යෝජනාවලිය ගැන මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ජා කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan