වී ගන්න බිලියන 325ක් ඕනෙ වෙද්දී රජය බිලියන 5ක් වෙන්කරලා අපට පාට් එකත් දානවා – ඩඩ්ලිගෙන් සැර කතාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න අනුව සම්පූර්ණ වී අස්වැන්නේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 325ක්ව තිබියදී රජය වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 5ක් පමණක් වෙන්කර වී මෝල් හිමියන්ට චෝදනා කරමින් සිටින බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“දැන් අපිට පොහොර සඳහා මිලියන 35,000ක් මේ අයවැයෙන් වෙන්කරලා තියෙනවා. 1994 බලයට පත්වුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් ඒ කාලේ පොහොර සඳහා මිලියන 42,000ක් වෙන් කළා. කොතන හරි ඒ ගනුදෙනුවල වරදක් තියෙනවා.

මම හිටපු ජනාධිපති කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. මම දන්නවා ඒ සියලුම වැඩ කටයුතු වෙන විදිහ. මේ හැම දේශපාලනඥයෙකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕනෙ, රටේ ප්‍රශ්න ඇතිකරන්න ඕනෙ. පොලුත් නෑ, කන්න හාලුත් නෑ, එළවලු ටිකත් නෑ … මොකක්ද මේ ? මෙව්වා මොනවාහරි කරගෙන ඉන්න මිනිහෙකුට මාෆියාව කියලා තමුන්ගෙ නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න හදනවා.

රුපියල් 30,000 අර සේවකයින්ගෙ පඩි වැඩිවීම. රුපියල් 30,000 කියන්නෙ – මං හිතන්නෙ වරලත් ගණකාධිවරු මෙතන ඉන්නෙ – රුපියල් 30,000 කියන එක අපි නම් ගණන් ගන්නෙ නෑ, රුපියල් 30,000ක් දීලා මිනිහෙක් තියාගන්න පුළුවන් නම් මේක ඒගොල්ලෝ කියන්න ඕනෙ එකක්ද ? රුපියල් 30,000ට කොහෙද මිනිස්සු තියාගන්නෙ ? මේක මේ අයවැයක කොතනහරි කතා කරන්න ඕනෙ දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා ?

දැන් වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් මේ අවුරුද්දේ මේ කන්නෙන් බලාපොරොත්තු වෙනවා. කිලෝ එක 125 ගාණෙ බලපුවාම එතකොට රුපියල් බිලියන 325 යි. රජය බිලියන 5ක් වෙන්කරලා අපිට පාට් එක දානවා”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ව්‍යාපාරික ප්‍රජාව සහ ආර්ථික විශ්ලේෂකයින් සමගින් කොළඹදී සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...