වී ගන්න බිලියන 325ක් ඕනෙ වෙද්දී රජය බිලියන 5ක් වෙන්කරලා අපට පාට් එකත් දානවා – ඩඩ්ලිගෙන් සැර කතාවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර මහ කන්නයේ අපේක්ෂිත වී අස්වැන්න අනුව සම්පූර්ණ වී අස්වැන්නේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් බිලියන 325ක්ව තිබියදී රජය වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 5ක් පමණක් වෙන්කර වී මෝල් හිමියන්ට චෝදනා කරමින් සිටින බව අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

“දැන් අපිට පොහොර සඳහා මිලියන 35,000ක් මේ අයවැයෙන් වෙන්කරලා තියෙනවා. 1994 බලයට පත්වුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියත් ඒ කාලේ පොහොර සඳහා මිලියන 42,000ක් වෙන් කළා. කොතන හරි ඒ ගනුදෙනුවල වරදක් තියෙනවා.

මම හිටපු ජනාධිපති කෙනෙක්ගේ මල්ලි කෙනෙක්. මම දන්නවා ඒ සියලුම වැඩ කටයුතු වෙන විදිහ. මේ හැම දේශපාලනඥයෙකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕනෙ, රටේ ප්‍රශ්න ඇතිකරන්න ඕනෙ. පොලුත් නෑ, කන්න හාලුත් නෑ, එළවලු ටිකත් නෑ … මොකක්ද මේ ? මෙව්වා මොනවාහරි කරගෙන ඉන්න මිනිහෙකුට මාෆියාව කියලා තමුන්ගෙ නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න හදනවා.

රුපියල් 30,000 අර සේවකයින්ගෙ පඩි වැඩිවීම. රුපියල් 30,000 කියන්නෙ – මං හිතන්නෙ වරලත් ගණකාධිවරු මෙතන ඉන්නෙ – රුපියල් 30,000 කියන එක අපි නම් ගණන් ගන්නෙ නෑ, රුපියල් 30,000ක් දීලා මිනිහෙක් තියාගන්න පුළුවන් නම් මේක ඒගොල්ලෝ කියන්න ඕනෙ එකක්ද ? රුපියල් 30,000ට කොහෙද මිනිස්සු තියාගන්නෙ ? මේක මේ අයවැයක කොතනහරි කතා කරන්න ඕනෙ දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා ?

දැන් වී මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් මේ අවුරුද්දේ මේ කන්නෙන් බලාපොරොත්තු වෙනවා. කිලෝ එක 125 ගාණෙ බලපුවාම එතකොට රුපියල් බිලියන 325 යි. රජය බිලියන 5ක් වෙන්කරලා අපිට පාට් එක දානවා”

ඩඩ්ලි සිරිසේන මහතා මේ බව පැවසුවේ ව්‍යාපාරික ප්‍රජාව සහ ආර්ථික විශ්ලේෂකයින් සමගින් කොළඹදී සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...