අනුරාධපුර වන්දනාකරුවන් රැගත් බස් රථයක් ගිනිගනී. අයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇඹිලිපිටියේ සිට අනුරාධපුර පූජා නගරය වන්දනා කිරීම සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් අද (පෙබරවාරි 22) අලුයම අනුරාධපුරයේදී ගිනි ගැනීමකට ලක්ව තිබේ.

එහිදී බස් රථය තුළ සිටි පුද්ගලයෙකු මියගොස් ඇති බව සඳහන්.

අනුරාධපුර උඩමළුව පොලිස් වසමේ ජේතවනාරාමය අසල විශ්‍රාම ශාලාවක් ආසන්නයේ වන්දනා නඩයක් රැගෙන පැමිණ තිබූ බස් රථයක් මෙසේ ගිනිගැනීමට ලක්ව ඇත. වන්දනාකරුවන් පිරිස විශ්‍රාම ශාලාවේ නවාතැන් ගෙන ඇති අතර බස් රථයේ සිටි පුද්ගලයෙකු ගින්න්හට හසුවී මරණයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...