නවසීලන්ත සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ Pitch To Pitch වැඩ සටහනට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් එක්වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

නවසීලන්ත ජාතිකයන් මෙරට සංචාරය කිරීම ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ විශේෂ වැඩ සටහනක් ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

Pitch To Pitch ලෙස නම් කර තිබුණු මෙම වැඩ සටහනට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ ගායනා මෙන්ම විශේෂ සමාජ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩසටහන් කීපයක් ද ඇතුළත් විය.


ඒ සඳහා සහභාගි වූ විශේෂ ආරාධිතයන් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ හමු වූ අති විශිෂ්ටතම ක්‍රීඩකයෙකු ලෙස අවිවාදිත අරවින්ද ද සිල්වා ද දකින්නට ලැබිණ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වත්මන් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක සූරියන් වන නවසීලන්ත ක්‍රීඩිකාවන්ට එරෙහිව විස්සයි විස්ස තරග තුනකට සහ එක්දින තරග තුනකට සහභාගි වීමට අද නවසීලන්තය වලා පිටත් වීමට නියමිතය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...