ආයුධ පෙන්වීමේ සිද්ධිය ගැන මාලිමා කොළඹ විධායක සභිකයෙක් කියන කතාව …

Date:

ඊයේ (21) රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන පොලිස් භාරයේ රඳවාගෙන සිටි සැකකරුවන් දෙදෙනා ආයුධ පෙන්වීමට ගෙනගොස් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිදුවීම මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ.

පසුගිය කාලයේදී ද මෙවන් සිදුවීම් දිගින් දිගටම සිදුවී තිබුණු අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවා ඒ සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් මේවාට දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබිණි. ඒ අතීතය ද සිහිපත් කරමින් මෙවන් ක්‍රියා කිසිවිටෙක සාධාරණීකරණය නොකළ යුතු බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පෙන්වා දෙනු දක්නට ලැබේ.

මේ අතර ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික, මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය සිතුමිණි රත්නමලල සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ සැඟවූ ආයුධ පෙන්නන්නට කැමති සැකකරුවන් සමග යන සියලු පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමෙහි පළඳින කැමරා අනිවාර්යයෙන්ම සවි කළයුතු බවකි.

මේ සටහනට ප්‍රතිචාර දැක්වූ අයෙකුට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා අමුතුම කතාවක් ද පවසා තිබෙනු දැකගත හැකිවිය.

වෙනදාට සිදුවූ ආයුධ පෙන්වීමේ සිදුවීම්වලදීත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත වීමේ කොටසත් තිබුණු බවක් අපට නම් මතක තිබේ. මෙතුමන්ලා තමුන්ගේ ආණ්ඩු සමයේ වෙනස ලෙස පෙන්වන්නට හදන්නේ එහෙම දෙයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...