මීනගයා දුම්රියේ වන අලි ගැටීම නවත්වන්න ආණ්ඩුවෙන් වැඩපිළිවෙලක්!

Date:

කොළඹ LNW:මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රියේ ගැටී වන අලි මිය යාමේ අවාසනාවන්ත තත්ත්වය විසඳීම වෙනුවෙන් ආණ්ඩුව වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පසුගියදා මීනගයා දුම්රියේ ගැටුණු වන අලි හත්දෙනාගෙන් හයදෙනෙකුම මිය ගිය අතර හැකි ඉක්මණින් මෙම අවාසනාවන්ත තත්ත්වයට විසඳුම් දෙන ලෙසයි සමාජයෙන් බලපෑම් එල්ල වෙමින් තිබෙන්නේ.

ඒ අනුව මහජන සහභාගීත්වය ද සහිතව මෙම ප්‍රශ්නය කඩිනමින් විසඳීමට අවශ්‍ය ප්‍රවේශය ලබාගෙන ඇති බව අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

”දුම්රිය දෙපාර්තමේන්තුව වසර 160ක් තිස්සේ දන්නා ඉතාම පැහැදිලි ක්‍රමය තමයි දුම්රිය මාර්ගය දෙපස යම් ප්‍රමාණයකට පරිස්සමින් කැළැව එළිකරලා විසිබිලිටි එක වැඩිකරන එක. දෙවෙනි එක තමයි දුම්රිය මාර්ගය ඔස්සේ දැනට ඉදිකර ඇති පාලම් හා බෝක්කු නිසි උසකින් හා පළලකින් යුතුව අලින්ට ගමන් කළ හැකි පරිදි ප්‍රතිස්ඨාපනය කිරීම. තුන්වෙනි එක ජනතාව සම්බන්ධ කරගන්න එක. අලින් හැමවෙලාවෙම එහෙ මෙහෙ යන්නේ නැහැ. ගම්වාසීන් ඉන්නවා ගම් ආශ්‍රිතව අලි ඉන්නවා නම් ඔවුන්ට කියන එක අමාරු දෙයක් නෙවෙයි. මීනගයා එකේදී ඒ කෝච්චි පාරේ අලින්ට වැවට යන්න මීටර 400ක් 500ක් යන්න ඕනේ. අපිට කලින් අලින්ට ඇහෙනවා. අධිද්වනි සංඛ්‍යාත වලින් ඒගොල්ලෝ ඇහුම්කන් දෙන්නේ. කෝච්චිය එන බව අලින්ට දැනුනට ඉවත් වෙන්න ඉඩක් නැහැ. මොකද එතන කොච්චි පාරේ ඉඩක් නැහැ. කවුරුත් ඒ ඛේදනීය පොටෝස් දැක්කනම් ඒවගේ කරන්න දෙයක් නැහැ අලින්ට කෝච්චිය එද්දී. ඒ නිසා අපි තීන්දු කළා මේ වෙලාවේදී කවුඩුල්ල වනජීවී කාර්යාලයේදී සාකච්ජා පැවැත්වෙනවා. ඒ සාකච්ජාවෙන් පස්සේ බලාපොරොත්තු වෙනවා පරිසමින් පරිසර නියමයන්ට අනුව ඒ ස්ථානය පුළුල් කරන්න. එවිට අලින්ට පුළුවන්කම තියෙනවා දුම්රිය එන බව දැනුනම ඒකෙන් ඉවත්වෙන්න. ඒවගේම සෙන්සර්ස් හයිකරන්න. අපි උපරිම උත්සහයක් ගනිමින් ඉන්නවා ගරු කථානායකතුමනි ඉතාම ඉක්මණින් මේ ක්‍රියාමාර්ග සිදුකරන්න. වන අලි මියයන එක අවම කරන්න. ඒ නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳව ඔවුන් දන්නා කියන වඩා හොඳ සොලියුෂන්ස් තියෙනවා නම් ඒවා අප වෙත ලබාදෙන්නත් කියල.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...

වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

ජපාන අගමැති ෂිගෙරු ඉෂිබා ධුරයෙන් ඉල්ලා අස් වේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපාන අගමැති...