ජෝ බයිඩන්ගේ වාර්තාවක් ට්‍රම්ප් බිඳ දමයි!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 22 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

සිය ධූරයේ පළමු මාසය තුළ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පුද්ගලයින් 37,660ක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, එම පිටුවහල් කිරීමේ සංඛ්‍යාව ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ  පාලන සමයේ අවසන් වසරේ දක්නට ලැබුණු මාසික සාමාන්‍යයට වඩා අඩු අගයක් බවයි .

ඉදිරි මාසවලදී පිටුවහල් කිරීම් ඉහළ යනු ඇති බවත්, අත්අඩංගුවට ගැනීම් සහ ඉවත් කිරීම් තවදුරටත් වේගවත් කිරීම සඳහා ට්‍රම්ප් ක්‍රියා කරනු ඇති බවත් ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ විශේෂඥයෙකු පවසා ඇත.

ඇමරිකාවේ මිලියන ගණනක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුරදී ද ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ග්වාතමාලාව, සැල්වදෝරය, පැනමාව සහ කොස්ටාරිකාව යන රටවලින් ද සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා සහාය ලබා දෙන බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...