රනිත්මා තෙවන වටයේදී පසු බසියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 22,(LNW)කොළඹ :

සිංගප්පූරුවේ පැවත්වෙන SBH ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේදී,කාන්තා අංශයෙන් තරග වදින රනිත්මා ලියනගේට අවසන් දහසය දෙනාගේ වටයේ දී,තරඟයෙන් ඉවත් වන්නට සිදු වුණා.ඒ චීන තායිපේ ක්‍රීඩිකා හුන්ග් යී ටින්ග් ඉදිරියේ වට 2- 1 ක් ලෙස පරාජය වීම නිසයි.


ලකුණු 18 – 21,21 -16 සහ 21 – 6 ක් ලෙස නිමා වුණු මෙම තරගයේදී 28 හැවිරිදි හුන්ග් ඉදිරියේ 18 හැවිරිදි රනිත්මා දෙවන වටේදී විශාල පසුබෑමකට ලක්වුණා.ක්‍රීඩක වෘත්තීය නිපුණතාවය ඔස්සේ අත්දැකීම් මෙන්ම දරා ගැනීම අතින් ද,මෙම තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් වල පස්වන තැනත්,ලෝක ශ්‍රේණිගත කිරීම්වල අසූ දෙවන තැනත් සිටින හුන්ග්,තරඟය ජය ගත්තද,ලෝක ශ්‍රේණිගත කිරීම් වල 119 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන,පළමු වට දෙකේදි හුන්ඟ් ට එරෙහිව හොඳ තරගයක් ලබා දුන්නා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...