වැඩි වී තිබෙන පාතාල ක්‍රියාකාරකම් පසුපස පාස්කු චූදිතයෝ ?

Date:

කොළඹ LNW:මේ වන විට වැඩි වී තිබෙන පාතාල ක්‍රියාකාරකම් පිටුපස දැනට ක්‍රියාත්මක පාස්කු වැනි ප්‍රබල විමර්ශන අඩපණ කිරීමේ උත්සහයක් පවතින බවට බුද්ධි අංශ මඟින් තොරතුරු වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (22) රජයේ ප්‍රවෘත්තු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබෙන අතර ඒවාට අදාළ පුද්ගලයින්ද හඳුනාගෙන සිටින බවයි රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

”ඔයගොල්ලන්ට මතක ඇති පහුගිය දවස්වල බොහොම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වුණා. පුද්ගලයින් පැහැරගෙන ගියා. පුද්ගලයින් ඝාතනය කළා. ඒ වගේම සමහර පුද්ගලයින්ට පහර දීලා අඩපණ කළා. සමහර අවස්ථාවල බොහොම දරුණු ප්‍රහාර එල්ල වුණා ජාතික ආරක්ෂාවට ප්‍රබල ලෙස තර්ජනයක් වූ. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ දේවල්. ඒ සියලු කරණා සම්බන්ධයෙන් මේ රජය බලයට පත්වෙලා ආවට පස්සේ ඒ විමර්ශන නැවත ආරම්භ වුණා. ආරම්භ වුණා විතරක් නෙවෙයි ඒ විමර්ශන හොඳින් ඉදිරියට ගෙන යනවා. සිද්ධීන් සම්බන්ධයෙන් සමහර සැකකරුවන් අත්අඩංගුවට පත්වෙලා ඉන්නවා. සමහර අයට විමර්ශන අවසන් වෙලා අධිකරණයේ නඩු පැවරීම් කටයුතු වලට යොමුවෙලා තියෙනවා. සමහර අයට විමර්ශන අවසන් නඩු පැවරීමට ආසන සිද්ධිනුත් තියෙනවා. අපි දන්නවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අපි නැවත පරීක්ෂණයක් ආරම්භ කරලා කලින් විමර්ශනයේදී ආනාවරණය නොවූ පැතිකඩවල් හඳුනාගෙන ඒ පිළිබඳව සාර්ථකව විමර්ශනය කරගෙන යන වෙලාවේ ඒ විමර්ශන අඩපණ කිරීමටත් රටේ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය කිරීමටත් යම් යම් පිරිස් කටයුතු කරනවා කියන එක අපිට බුද්ධි අංශවලින් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ පුද්ගලයින් අපි හඳුනාගෙන තියෙනවා. ඉතාම පැහැදිලිව කියනවා ඒ පුද්ගලයින් අපි හඳුනා ගෙන තියෙනවා. ඉදිරියේදී ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. පුද්ගලයින් කණ්ඩායමකට අපරාධ විමර්ශන යටපත් කිරීමට තියා රට අස්ථාවර කිරීමේ උත්සාහයන්වලට අපි කිසිසේත් ඉඩදෙන්නේ නැහැ.” යනුවෙන් මහජන ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

පොහොර සහනාධාරය QR ක්‍රමයට!

කොළඹ LNW:ගොවීන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමේදී ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ...

අල්ලස් චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තවදුරටත් රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් සංස්කෘතික අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ්...

ජාතික ක්‍රීඩා චෙස් පිරිමි සූරතාවය වයඹට කාන්තා සූරතාවය බස්නාහිරට

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ගාල්ල නගර...