ගෑස් ගැන තොරතුරක් ..

0
4

රෂිකා හෙන්නායක පෙබරවාරි 22 කොළඹ LNW :

අද (22) දිනයේත් ගෑස් සිලින්ඩර 80,000 ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි .

ඊයේද (21) ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර අද දිනයේ දී ගෑස් මේට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත අතර, ලබන 26 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක් නැවක් ද, 28 වනදා මෙට්‍රික් ටොන් 3700ක් රැගත් ගෑස් නැවක් ද දිවයිනට පැමිණීමට නියමිතයි.

වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ., වෙළදපොළ තූළ මතු ඇති ගෑස් හිගය ඉදිරි දින කිහිපය තුළදි අවසන් වනු ඇති බවයි.