අලුත් වූ කාලගුණ නිවේදනය!

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 22, කොළඹ LNW :

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අද (22) ප.ව. 2ට නිවේදනයක් නිකුත්කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේ වුවද, ඉදිරි පැය කිහිපය තුළ උතුරු සහ වයඹ ඇතුළු පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, සවස් කාලයේදී සබරගමුව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බැවින්, අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇත.

මීට අමතරව, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව නිවේදනය වේ.

පවතින කාලගුණ විපර්යාසය හමුවේ ඇති විය හැකි තාවකාලික තද සුළං මගින් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.