*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඉල්ලා ඉඩ හදා ගත් රිට ආසියාවේ මට්ටමට පනියි

ආසියානු යොවුන් මලල ක්‍රීඩා සුරතාවලිය සඳහා ක්‍රීඩකයින් තේරිම සඳහා පැවත්වෙන මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනය ඊයේ දියගමදී නිමාව දකිද්දී ක්‍රීඩකයින් සිව්දෙනෙක් සූරතාවලිය සඳහා අවශ්‍යය සුදුසුකම් සපුරා තිබුණා.ඒ අතර විශේෂ තැනක් ගත්තේ පළමු අවස්ථාවේදී තේරීම් තරගවලට ඇතුළත් නොකර තිබූ රිටි පැනීමේ ඉසව්ව ඊට ඇතුළත් කරන ලෙස ඉල්ලීමක් කරමින් රිටි පැනීමේ ඉසව්ව සඳහා තනිව තරග කළ මීගමුව මාරිස්ටෙල්ලාවේ තුෂේන් සිල්වා එම තරගාවලියට සහභාගි වීමට නියමිත උස තරණය කරමින් ඊට සුදුසුකම් ලබා ගත්තේය.



ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීන්ගේ දැණුම සහ අවධානය කෙතරම් තාර්කිකද,යාවත්කාලීනව ද යන්න මෙම ඉසව්ව මුල් අවස්ථාවේදි ඇතුළත් නොකිරීමෙන් දැන ගන්නට හැකිය.මේ වන විට කාන්තා ජාතික වාර්තාලාභිණිය වන සචිනි පෙරේරා එක දිගට වාර්තාව අලුත් කරමින් ඉදිරියට ආවත් තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කර ගන්නට ජාත්‍යන්තර පුහුණුවක් නොව තරග අවස්ථාවක් හෝ නොමැති නිසා මැද පෙරදිග රැකියාවකට ගොස් ඇත.තුෂේන් වර්ථමානය සචිනිගේ හිස් තැන පුරවමින් දස්කම් ඉදිරියට ගෙන එමින් සිටින ඉමාෂා ද සිල්වා ගේ සොහොයුරාය.මේ තිදෙනාගේම පුහුණුකරු සනත් ගුණරත්නය.තුෂේන් දැක් වූ දක්ෂතාවය මීටර් 4.65 කි.

එසේම මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 52.18 ක කාලයකින් අවසන් කළ අඹගමුව මධ්‍ය විද්‍යාලයේ අයෝමාල් අකලංක ද ආසියානු යොවුන් සූරතාවලියේ කඩඉම තරණය කරන්නට සමත් විය.අනුර බණ්ඩාරගේ මඟ පෙන්වීම ලබන අයෝමාල්ගේ වයසට අදාළ වන කඩුල්ලේ උස මීටර් 0.838 ක් ය.යොවුන් නොවන ප්‍රධාන ධාරාවේ ඉසව්වක කඩුල්ලක් මීටර් 0.914 කි.

උස පැනීමේ ඉසව්වේදී මීටර් 2.00 ක දක්ෂතාවය දක්වමින් ප්‍රථම ස්ථානය දිනා ගත් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ලෙසඳු අර්ථවිදු සහ එම උසම තරණය කර දෙවන තැනට ආ දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයේ නිලුපුල් පැහැසරත් අවශ්‍ය පරිසාධනය අභිබවා ආසියාතික යොවුන් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.අර්ථවිදු පුහුණුව ලබන්නේ ගීත් සතරසිංහ යටතේ වන අතර නිලුපුල් කීර්ති කුමාර යටතේ පුහුණුව ලබන්නේය.අර්ථවිදු ඉකුත් වසරේද මේ තරගාවලියට සහභාගි වූ අතර ඔහු එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට ද සමත් විය.
සටහනේ ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ තුෂේන් ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan