මුදල් ගෙවා Verified Badge එක ලබා ගත හැකි වන්නේ Profile සදහා පමණක් වන අතර මුදල් ගෙවිමෙන් තොරවත් දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය ඔස්සේ Profiles සහ Pages සදහා Verified Badges ලබා ගත හැකි වේ.
මුදල් ගෙවිමෙන් තොරව Verified Badge එක ලබා ගැනිමේදි සම්පූර්ණ කිරිමට සිදු වන Criteriaවලට වඩා Meta Verified Subscription එක ලබා ගැනිම සදහා සම්පූර්ණ කළ යුතු Criteria සම්පූර්ණ කිරිම මුදල් ගෙවා ලබා ලබා ගන්නා පහසුකමක් බැවින් පහසු වනු ඇති බව දැක්විය හැකියි.
මේ පිළිබඳව Meta සමාගමේ CEO Mark Zukerburg විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබේ.
එහි ඔහු දක්වා තිබෙන්නේ මෙය ලබා ගැනීමෙන් ඔබගේ ගිණුමට අමතර ආරාක්ෂාවක් මෙන්ම ඔවුන්ගේ Customer Support එක සමග ඍජුවම සම්බන්ධ වීමටද අවස්ථාව හිමිවන බවයි. මෙය ලබා ගැනීම සඳහා රජය විසින් ලබා දෙන හැදුනුම්පත අවශ්‍ය වන අතර මෙය Android හා Web users ලාට මාසයකට $11.99ක් ද iOS users සඳහා $14.99ක් ද වේ.
මෙම Verification Subscription එක මෙම සතිය තුළ Meta සමාගම විසින් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඉදිරියේදී ක්‍රමයෙන් අනෙකුත් රටවල් සඳහාද නිකුත් කිරීමට නියමිතය.