ඔය පෝස්ටර් වල ඉන්නේ ඇත්ත මම නෙවෙයි …

Date:

Shawshank Redemption එකේ ඇන්ඩි අර ගුලක් හාරලා සිර කඳවුරෙන් පිටවෙන වෙලාවේ ඒ ගුල වහන්න අලවල තිබ්බ පෝස්ටරේ මතකද? එතකොටම සිර කඳවුරේ ප්‍රධානියා ඇවිල්ල අර ජනෙල් පඩිය උඩ තිබ්බ ගලක් අරගෙන පොස්ටරේට ගහන කොට ඒ පෝස්ටරේ හිල්වෙලා පසාරු කරගෙන එළියට යනවා. ප්‍රේක්ෂකයින්ට මාර සතුටු ඒ වෙලාවේ ඒ පෝස්ටරේ හිටියේ ඒ වකවානුවේ ලෝකය පුරා ඉතාම ජනප්‍රිය ඇමෙරිකානු ශූන්ගාර සංකේතයක් හැටියට ගැනුණු රකල් වෙල්ෂ් (Raquel Welch).

වයස 84ක් වූ රකල් වෙල්ෂ් ඊයේ අප අතරින් වෙන්ව ගොස් තිබෙනවා. දරුවන් දෙදෙනෙකුගේ මව වූ ඇය කිහිප විටක් විවාහ වී තිබෙනවා.

එයා අයිති වෙන්නෙත් ඔය මැරලින් මොන්රෝ, බ්‍රිජට් බාඩෝ, එලිසබෙත් ටේලර් වගේ අතිශයින් ජනප්‍රිය ස්ත්‍රී සෙක්ස් සිම්බල් ගණයට (sex symbol).

One Million Years B.C (1966), Fantastic Voyage (1966), A House Is Not A Home (1964), and Roustabout (1964) වගේ චිත්‍රපටිවල රඟපාල තමයි ඇය මේ අනුරාගික ස්ත්‍රී ගෝලීය සුපිරි තරුවක් වුණේ (global sex supermodel). ඔය අන්තිම එක එයා කළේ එල්විස් ප්‍රෙස්ලි එක්ක.

කොහොම උණත් ඇය මීට පෙර පෙර මාධ්‍ය වෙත පවසා තිබුණේ ශෘංගාර ස්ත්‍රී ශරීරයක් ලෙස ඇය අනේක වාරයක් ලෝක ජනමාධ්‍ය වෙළඳපළ විසින් හඳුන්වා දුන්නත් ඇය ඒ ගැන එතරම් මනාපයක් නැති බවයි.

නිරූපණය සහ ඇත්ත අතර කොච්චර වෙනසක් තියනවද බලන්න…

”මම හැදුණේ වැඩුණේ ශෘංගාර ස්ත්‍රී ශරීරයක් ලෙස මාව ලෝකෙට පෙන්නන්න නෙවෙයි. හැබැයි දැන් මාව ලෝකයා දන්නේ ඒ විදියට. ඇත්තටම මගේ ඇත්ත ස්වභාවයම එහෙම සෙක්සි එකක් නෙවෙයි. ඔය පෝස්ටර් වල ඉන්නේ ඇත්ත මම නෙවෙයි…”

”හැබැයි මේ ලෝකයා දකින මම කියන්නේ මගේ පැත්තෙන් එක්තරා වාසනාවන්ත වැරදි හඳුනාගැනීමක් (fortunate misunderstanding)”.

Shawshank Redemption එකෙත් සිර කඳවුරේ ප්‍රධානියා රකල්ව තේරුම් ගන්නේ ඇන්ඩි වගේ සිරකරුවෝ ස්වයං වින්දනයේ යෙදෙන්න බිත්තියේ ගහගෙන ඉන්න ස්ත්‍රී මායාවක් හැටියට. ඇන්ඩි සම්බන්දයෙන් ගත්තම ඒකත් වැරදි හඳුනාගැනීමක්. මොකද ඒ වැරදි හඳුනාගැනීම ඇතුලේ තමයි ඇන්ඩි නිදහස වෙනුවෙන් වන ගමන්මාර්ගය සකසා ගන්නේ.

ඒ වගේම රකල්ව ලෝකය වැරදි ලෙස හඳුනාගැනීම ඇතුලේ තමයි ඇත්ත වෙළඳපල බිහිවෙලා තියෙන්නේ.

සමහර වැරදීම් ඇතුලේ අපි නොහිතන දේවල් බිහිවෙන්නත් පුළුවන්.

ඒකෙන් කියන්නේ හැමදාම වරද්දාගමු කියන එකනම් නෙවෙයි.

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...